ලබන මාසයේ සිට යළිත් දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක්

Spread the love

ගල් අඟුරු තොගය සඳහා ඇනවුමක් ඉදිරිපත් නොකළ හොත් ඔක්තෝම්බර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 8 සිට පැය 10 දක්වා විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, ඔක්තෝම්බර් 28 වනදා දක්වා ගල් අඟුරු සංචිත මේ වන විට ඇති බවත් 28 වනදායින් පසු ගල් අඟුරු නොමැති වුවහොත් බලාගාර තුනක් වසා දැමීමට සිදුවන බවයි.

ඒ හේතුවෙන් මෙගාවොට් 820 ක් පද්ධතියට අහිමි වන බවත් ගල් අඟුරු තොග නොමැති වුවහොත් දිනකට පැය 8 සිට පැය 10 දක්වා විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

මේ වන විට ගල් අඟුරු නැව් 21 ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය සකසා ඇති අතර ඒවා ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයාගත යුතු බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධව මහ බැංකු අධිපතිවරයා දැනුවත් කළ බවත් ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts