බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය කල් මැරී දියවී යන ලකුණු

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද(24) බත්තරමුල්ල නෙලූම්මාවතේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය. පාස්කු දිනයේ සිදුවූ ත‍්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් රිෂාඩ් …

Continue Reading

ඥානසාර හිමි “ජනාධිපති සමාව” ලද අභ්‍යන්තර කථාව සහ අවසන් හෝරා කිහිපයේ ක්‍රියාන්විතය

වසර 06ක සිරදඬුවම් නියමව බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති විධායක බලතල ප්‍රකාරව වහාම නිදහස් කරන ලෙස වූ නියෝගයට පෙරේදා(22) දහවල් ජනාධිපතිවරයා විසින් අත්සන් තබා එය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යංශය වෙත යොමු කොට තිබිණ. එහෙත් ඊයේ(23) දහවල් වනතුරු අධිකරණ සහ බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරිය …

Continue Reading

මෝදි ඉන්දියාව විජයග්‍රහණය කරයි

ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකරගෙන තිබේ. ඉන්දීය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ආසන 347 ක් හිමි වෙද්දී කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 90 ක් පමණි. මෙම ජයග‍්‍රහණය මගින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ජනප‍්‍රිය භාවය නැවත වරක් තහවුරු වී ඇත. භාරතීය ජනතා පක්ෂයට 2014 දී ලැබූ ජයග‍්‍රහණයට වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් මෙවර හිමි වී ඇත. ඉන්දියාව පුරාම …

Continue Reading

ජාතිවාදී ගිනි අවුලුවා පොලිසියෙන් කට්ටි පනිමින් සිටින මධුමාධව දුටු තැන අල්ලන්න නියෝග!

මිනුවන්ගොඩ වෙළෙඳ සැල් ගිනි තබමින් පසුගිය 13 වෙනිදා ජාතිවාදී ගිනි අවුලුවමින් රටක් ගිනි තැබූ කලහාකාරී සිදුවීම්වල සැකකරුවකු වන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක වන කුප්‍රකට මධුමාධව අරවින්දව නම්කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කෙළේය. කළබල සිදුවූ 13 වෙනිදා මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් මිනුවන්ගොඩ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල …

Continue Reading

පොලිස්පති පූජීත් ජයසුන්දරට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපතිගෙන් නියෝග

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් කඩිනමින් සිදු කරන ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත. එකී වාර්තා අධ්‍යයනය කර ඇති නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ලිපි දෙකක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයාට එරෙහිව පූර්ණ අපරාධ …

Continue Reading

ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කරද්දී තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කර ඇතිබවට හෙළිවෙයි

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති …

Continue Reading

අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ..

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට …

Continue Reading

ඥානසාර හිමි නිදහස් කරන්න ජනපති මෛත්‍රී අත්සන් තබයි!

අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාවලට වරද කරුවකු වී බන්ධනාගාරව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාල ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.‍‍ මේ අනුව හෙට හෝ නුදුරු දිනකදී ඥානසාර හිමියන් නිදහස්ව යළි කරලියට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

Continue Reading

හදිසි විදුලි මිලදී ගැනීමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදුලිබල ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කර ඇති අමාත්‍ය කමිටුව මගින් නිර්දේශ කර …

Continue Reading

මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..

පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …

Continue Reading