ඥානසාර හිමි “ජනාධිපති සමාව” ලද අභ්‍යන්තර කථාව සහ අවසන් හෝරා කිහිපයේ ක්‍රියාන්විතය

Spread the love

වසර 06ක සිරදඬුවම් නියමව බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති විධායක බලතල ප්‍රකාරව වහාම නිදහස් කරන ලෙස වූ නියෝගයට පෙරේදා(22) දහවල් ජනාධිපතිවරයා විසින් අත්සන් තබා එය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යංශය වෙත යොමු කොට තිබිණ. එහෙත් ඊයේ(23) දහවල් වනතුරු අධිකරණ සහ බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල ඉතා කුප්‍රකට අයුරින් ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක නොකොට කල් මරමින් වෙනත් සැලැස්මකට ආධාර අනුබල ලබාදෙමින් සිටි බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.

නියෝගය අභිබවා ගිය කොන්ත්‍රාත්තුව

පෙරේදා(22) දිනයේ ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසට වූ නියෝගයට අත්සන් තැබීමත් සමඟම මෙරට විදේශ මුදල් යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් පැය කිහිපයක් ඇතුලත එක්ව සක්‍රීය ක්‍රියාන්විතයක් දියත්කොට ඇත. මෙම රාජ්‍ය නොවන සංවිධානවලට ඥානසාර හිමියන් සිරගත කිරීමේ සිට උන්වහන්සේ නිදහස් කරගැනීම වෙනුවෙන් දියත් වන කිසියම් ක්‍රියාන්විතයක් වේද එම ක්‍රියාන්විතයන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා මෙම ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන දෙකට මිලියන 10ක් සහ මිලියන 80ක් වශයෙන් විදේශාධාර ලැබී ඇත.

වලේ වැටුණු විට අතහැර දැමූ හැටි

වසර 06කට සිරගත කරන ලද ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා උන්වහන්සේ නායකත්වය දුන් බොදුබල සේනා සංවිධානයවත් මේ මහපොලොවේ සක්‍රීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු දක්නට නොලැබුනු අතර විටින් විට මාධ්‍ය සාකච්ඡා පමණක් පැවැත්වෙමින් තිබිණ.

එහෙත් ඥානසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සක්‍රීය ක්‍රියාදාමයක් නොවූ අතර බොහෝ බෞද්ධ සංවිධානවල ප්‍රධාන ස්වාමීන්වහන්සේලා ගැලවිජ්ජාවට කටයුතු කළ බව කැපීපෙනුනි. නමුත් ඥානසාර හිමියන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සංවිධානය වුණු තරුණ ස්වාමීන්වහන්සේලා පිරිසක් පසුගිය 2018 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක “ඥානසාර ස්වාමින්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා” ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කොට සංදේශයක් භාරදීමට පැමිණි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාව භාර ව සිටි ආරක්ෂක අංශ කළේ එම ස්ථානයෙන් ඉවත් නොවූ භික්ෂූන් වහන්සේලාට අධි පීඩක ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කිරීමයි. භික්ෂූන් වහන්සේට එල්ල කළ එම නින්දිත ප්‍රහාරය එදින මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙසේය.

තිරය පිටුපස සිටි දැවැන්තයා

මෙම සිදුවීම ජනාධිපතිවරයාට සැලවීමත් සමඟම ඔහු සමඟ ඒ මොහොතේ සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාව එය සම්බන්ධීකරණය සඳහා යෙදවීය. එතැන් පටන් ඥානසාර හිමියන්ව “ජනාධිපති සමාව” යටතේ නිදහස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳව අධ්‍යයනයත්, අදාළ කටයුතු මෙහෙයවීමත් සිදුකරන ලද්දේ තිලංග විසිනි.

මෙහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඥානසාර හිමියන් බොදු බල සේනා සංවිධානය මෙහෙවමින් හැසිරුනු ආකාරය සහ උන්වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙනි. එහෙදී අවස්ථා කිහිපයකදී තිලංග සුමතිපාල ඥානසාර හිමියන්ව පෞද්ගලික හමු වී සාකච්ඡා කර ඇති අතර උන්වහන්සේ සතු ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් වූ තොරතුරුද මෙහිදී ලබා දී ඇත. එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවයන් සෙවීමට ජනාධිපතිවරයා විසින් බුද්ධි අංශ වෙත කරුණු කාරණා යොමු කොට ඇත. ඥානසාර හිමියන් ලබා දී තිබූ එම තොරතුරු වල පසුගිය වසර 10ක පමණ කාලයක සිට ඉස්ලාමීය අන්තවාදය සහ එම අන්තවාදී සංවිධානවල ව්‍යාප්තියත් ඒවායේ අන්තවාදී සාමාජිකයින්ගේ අතිශය රහසිගත තොරතුරු රාශියකුත් අන්තර්ගත වී ඇති අතර පසුගිය පාස්කු 21 වනදා තව්ජීද් ඡමාත් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එම තොරතුරුවල සඳහන් වූ කරුණු සත්‍ය බව වඩ වඩාත් තහවුරු වී ඇත. තවද ඥානසාර හිමියන් ලබාදුන් තොරතුරු අනුව තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී නායක සහරාන් පිළිබඳවත්, එම ත්‍රස්ත ජාලය පුහුණු වීම් සිදුකළ ස්ථාන පිළිබඳවත් ආරක්ෂක අංශවලට අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

ඇස් පනා පිට හෙළි වු සත්‍යය

එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවයන් සෙවීමට ජනාධිපතිවරයා විසින් බුද්ධි අංශ වෙත කරුණු කාරණා යොමු කොට ඇත. ඥානසාර හිමියන් ලබා දී තිබූ එම තොරතුරු වල පසුගිය වසර 10ක පමණ කාලයක සිට ඉස්ලාමීය අන්තවාදය සහ එම අන්තවාදී සංවිධානවල ව්‍යාප්තියත් ඒවායේ අන්තවාදී සාමාජිකයින්ගේ අතිශය රහසිගත තොරතුරු රාශියකුත් අන්තර්ගත වී ඇති අතර පසුගිය පාස්කු 21 වනදා තව්ජීද් ඡමාත් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එම තොරතුරුවල සඳහන් වූ කරුණු සත්‍ය බව වඩ වඩාත් තහවුරු වී ඇත.

ඒත් සමඟම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රටේ දස දෙසින් නැඟුනු විරෝධයත් ඥානසාර හිමියන් එදා කියූ දෙය අද ඇස් පනා පිට සිදුව තිබෙන වාතාවරණයත් තුල එදා සිට අද දක්වා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හඬ නැඟූ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවට දේශපාලනයින් ඇතුළු සිවිල් සංවිධානවලින්ද ඉල්ලීම් ඉදිරිපත් වීමට පටන් ගත්හ. ඒ වන විටත් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඥානසාර හිමියන්ට “ජනාධිපති සමාව” ලබාදී නිදහස් කරගැනීමට අදාළ කටයුත්තේ සෑහෙන වැඩ කොටසක් අවසන් කර තිබී ඇත.

කෙසේ වෙතත් අවසාන වශයෙන් පසුගිය වෙසක් පොහෝ දින ඉතිහාසයේ වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස් කිරීම වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඥානසාර හිමියන්ව බන්ධනාගාර රෝහලේදී හමුවී විනාඩි 30කට ආසන්න කාලයක් සාකච්ඡා කොට ඇති බවටද වාර්තාවේ.

අවසන් හෝරා කිහිපයේ කුමන්ත්‍රණය

අවසානයේ එහි ප්‍රථිපලයක් ලෙස “විශේෂ ජනාධිපති සමාව” යටතේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස ලැබූවද, එය ප්‍රමාද කිරීම සඳහා අවසන් මොහොත දක්වා ඉතා සූක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. පැකිලීමකින් තොරව ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කළ යුතු වුවද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අධිකරණ සහ බන්ධනාගාර කටයුතු ඇමතිනි තලතා අතුකෝරල ලිපි ලේඛන වටේ ගස්වමින් විශාල කාලය කා දැමීමක නිතර වුණු බවක් පෙනෙන්ට තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ පාර්වශයෙන් ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ධනාත්මක ස්ථාවරක සිට ඊට සහය දැක්වීමට ඉදිරිපත් වූයේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පමණි.

ඒ වන විට අප ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධාන මඟින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියව භාවිතා කරමින් අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් “ජනාධිපති සමාව”ට එරෙහිව අතුරුතහනම් නියෝගයක් ගැනීමට සැලසුම් කොට තිබූ බවට තොරතුරු වාර්තා විය. එසේම රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයෙකු වන කුප්‍රකට නීතීඥයෙකුද අද සමාජජාල මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඥානසාර හිමියන් නිදහස් කිරීම දෝෂදර්ශනයට ලක්කොට තිබිණ.

අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වීම, වින්දිත පාර්ශවයකට තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අධිකරණය විසින් වරදකරුවකු කර වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර 6කින් ගෙවී යන පරිදි ලබාදී තිබූ දඬුවම මාස 9ක් ගෙවී යද්දී තමා සතු විධායක බලතල යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කළේය.

RSL

Related Posts