දූෂණ වංචාවලට ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා..මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී රාජිත පැනයයි..(වීඩියෝ)

මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි. එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. පසුව අමාත්‍යවරයා රොහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව …

Continue Reading

රන්ජන්ලට නඩු පිට නඩු වැටෙද්දී, ජාතිවාදය අවුලුවන මධුමාධවලා සාක්ෂි නැතිව නඩු නැතිව නිදහස් වෙති!

ඉකුත් මැයි 13 දා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් සාක්‍ෂි නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉදුනි පුංචිහේවා මහත්මිය ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය. එදා මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස වෙළෙඳ සල් සහ තවත් දේපළ කීපකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට සැකපිට තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් නිකුත් …

Continue Reading

කිංස්බරි බෝම්බකරු 2014 සිට තව්හිද් ජමාත් සමග සක්‍රීයව කටයුතු කරලා

කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නමැත්තා 2014 වසරේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සක‍්‍රිය සබඳතා පවත්වා ඇති අයකු බවට හා ඔහු නුවරඑළිය ප‍්‍රදේශයේ පිහිටි රහසිගත කඳවුරකින් යුද පුහුණුව ලබා ඇති අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය. …

Continue Reading

සුමන්තිරන් තේරීම් කාරක සභාවට කැඳවූ ඉහළ රාජ්‍ය නිලධාරීයෙකුට තඟ දමයි! නීතිවිරෝධීව බලපෑම් කරයි! (වීඩියෝ)

ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ(13) කැඳවා තිබුණි. පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ කාර්යාලීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛනය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි. එහිදී තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සෘජුවම ප්‍රකාශ කර සිටියේ මෙය …

Continue Reading

ෂාෆිට එරෙහිව පැමිණිලි 950 ක්; ෂාෆි අධිකරණයට ඉදිරිපත් කිරීම වලකන්න දැඩි දේශපාලන බලපෑම්..

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 950ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (12) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …

Continue Reading

ඇමති රන්ජන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද..? උසාවියට අපහාස කළැයි රන්ජන්ට තවත් නඩුවක්

උසාවියට අපහාස වන ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ කිරීම ගැන රාජ්‍ය අමාත්‍යවරයකු වන සහ ජනප‍්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා මාසයක් ඇතුළත චෝදනා පත‍්‍රයක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) නීතිපතිවරයාට නියෝග කළේය. උසාවියට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට යන දෙවැනි නඩු විභාගය මෙයයි. ලබන ජූලි 30 දා මෙම නඩු විභාගය පැවැත්වෙනු ඇත. …

Continue Reading

බිලියන ගණන් ඉක්මවා ගිය ඇමැති රාජිතගේ දැවැන්ත දූෂණ-වංචාවලට එරෙහිව රටපුරා උද්ඝෝෂණ

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව වයඹ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඊයේ (12) දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා උද්ඝෝෂණයක නිරත වූහ.  එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය.  ‘‘අපි ජනාධිපතිතුමාට බාර දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් …

Continue Reading

බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 21ක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (12) අවසන් විය. ඒ අනුව අද (12) පස්වරු 3 දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසෙකර මහතා පවසයි. ඔහු පැවසුවේ අදාල කාල සීමාව අවසන් වන විට පැමිණිලි 21ක් …

Continue Reading

ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝෂිත කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගන්නා උත්සාහය සහ කැපවීම ප්‍රශංසනීයයි – ප්‍රංශ තානාපති

“මම නිතරම උත්සාහ කරන්නේ, තානාපති වශයෙන් මා සේවය කරන රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසියම් සේවයක් ලබා ගැනීමටයි. අද මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා මුණගැසුනා. එහිදී මට පැහැදිළි වුනේ එතුමා මේ රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් වඩාත් ඉහල මට්ටමකට ගෙනඒමටත්, ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝශිත කිරීමටත් ඇපකැපවී කටයුතු කරන බවයි.  ඒ වෙනුවෙන් ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාදීමට මම විදුලිබල, බලශක්ති සහ …

Continue Reading

පැය 2කට මංතීරු නීතියෙන් නඩු 582ක් හොයයි; පළමු දඩය 2000 යි

කොළඹ නගරයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමක දී මංතීරු නීතිය උල්ලංඝනය කල රියදුරන් 582 කට නඩු පවරා තිබේ. ඊයේ(11) සවස පැය 2 ක කාලයක් පුරා කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(12) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 495 යොදවා ඇති …

Continue Reading