කිංස්බරි බෝම්බකරු 2014 සිට තව්හිද් ජමාත් සමග සක්‍රීයව කටයුතු කරලා

Spread the love

කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නමැත්තා 2014 වසරේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සක‍්‍රිය සබඳතා පවත්වා ඇති අයකු බවට හා ඔහු නුවරඑළිය ප‍්‍රදේශයේ පිහිටි රහසිගත කඳවුරකින් යුද පුහුණුව ලබා ඇති අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය.

වත්තල එඬේරමුල්ල ප‍්‍රදේශයේ කලක් පදිංචිව සිට ඇති එම බෝ්ම්බකරු අවසන් වරට පදිංචිව සිටි කොලොන්නාව ජයන්ති මාවතේ පිහිටි නිවස පරීක්‍ෂා කිරීමේදී අරාබි පාසල් ආරම්භ කිරීම සඳහා අයැදුම්කළ ඉල්ලූම්පත‍්‍ර හා ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අයත් ලිපි ලේඛන රැසක් හමුවී ඇති බවත් එම ලේඛනවලට අත්සන් කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

එම බෝම්බ ප‍්‍රහාරවලට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන මොහොමඞ් ෂයිනි මොහොමඞ් රුස්නි නමැත්තාට අයත් බැංකු ගිණුම් කිහිපයකට විශාල වශයෙන් සැක සහිත ලෙස මුදල් ලැබී ඇති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය එකී බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයක කළමනාකරුවන්ට නියෝග කළේය.

RSL

Related Posts