රන්ජන්ලට නඩු පිට නඩු වැටෙද්දී, ජාතිවාදය අවුලුවන මධුමාධවලා සාක්ෂි නැතිව නඩු නැතිව නිදහස් වෙති!

Spread the love

ඉකුත් මැයි 13 දා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් සාක්‍ෂි නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉදුනි පුංචිහේවා මහත්මිය ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.

එදා මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස වෙළෙඳ සල් සහ තවත් දේපළ කීපකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට සැකපිට තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මධුමාධව අරවින්ද මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය එසේ පැවසුවාය.

එම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැවත්වූ පරීක්‍ෂණ පිළිබඳ වාර්තාවක් නීතිපතිට එවා ඇති බවත් මධුමාධව මහතා කිසිදු ආකාරයකින් ඒවාට සහභාගී වී නැති බවත් එනිසා ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුනොවනු ඇති බවත් රජයේ නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක වැනි ජනතාවගේ පැත්තේ සිට අයුක්තියට අසාධාරණයට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නඟන ඉතාම අතලොස්සක් වූ දේශපාලඥයින්ගේ මුවින් පිටවන විවාදිත වචනයකට පවා නඩු පිට නඩු වැටෙන පසුබිමක් තුළ රටේ ජාතිවාදී ගිනි අවුලුවන කුප්‍රකට ඊනියා දේශප්‍රේමී චරිතවල පණ පොවන මධුමාදව අරවින්දලා වැන්නවුන් නීතිපති ඇතුළු අදාළ අංශවලට ප්‍රමාණවත් සාක්ෂි සොයාගැනීමට නොහැකි වීම තුළින් නිදහස්ව යළි සමාජයට එක්වීම තුළ අනාගතයේ විශාල අර්බුදකාරී මෙන්ම විනාශ කාරී තත්වයක් ඇතිවිය හැකි බවට දේශපාලන සහ සමාජ විශ්ලේෂකයෝ මත පළකරති.

Loading...

RSL

Related Posts