බිලියන ගණන් ඉක්මවා ගිය ඇමැති රාජිතගේ දැවැන්ත දූෂණ-වංචාවලට එරෙහිව රටපුරා උද්ඝෝෂණ

Spread the love

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව වයඹ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඊයේ (12) දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා උද්ඝෝෂණයක නිරත වූහ. 

එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය. 

‘‘අපි ජනාධිපතිතුමාට බාර දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉල්ලීම් 10 ක් සහිත සංදේශයක්. මේ අමාත්‍යවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් කරන්න කියලා චෝදනා 10ක් සහිත ඉල්ලීමක් අපි පසුගිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා. මේ දූෂිත අමාත්‍යවරයා අමාත්‍ය ධුරයෙන් පමණක් නොව ඔහුගේ ප‍්‍රජා අයිතියත් අහෝසි කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීීමක් කරනවා.

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු සම්බන්ධව සිද්ධියේදී ජාතීන් අතර අසමගිය හා වෛරය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කර තියෙනවා. අපි ජනාධිපතිතුමාට දිගටම කීවා මේ සඳහා කොමිසමක් දමන්න කියලා. රාජිත අමාත්‍යවරයා මුලින්ම මේකට කොමිටියක් දැම්මා. රෝහල් සුරැුකීමේ සංගමය හා රෝහල් කාර්ය මණ්ඩලය මේ කොමිටිය ප‍්‍රතික්ෂේප කළා. මේ කමිටුවට කිසිම කෙනෙක් සාක්ෂි දුන්නේ නෑ. පසුගිය සතිය පුරාම බලපෑම් කළා. 

වයඹ පළාතේ වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් ජනාධිපති කොමිසමක් දමන්න කියලා. එහෙම වුණේ නැත්නම් රටේ සියලූම පළාත්වල රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලය මේ දූෂිත අමාත්‍යවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා උද්ඝෝෂණය කරනවා යැයි කීවේය.

මෙම අවස්ථාවට එක්වූ නිකවැරටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් ශාඛාවේ ලේකම් වෛද්‍ය හේමන්ත බණ්ඩාර සහ ශ‍්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති සමන් කුමාර යන මහත්වරුද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම දූෂිත සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කර ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙසය.

ආශ්‍රිත පුවත්: රටම ගොනාට අන්දවමින් ඇමති රාජිත මහජන මුදල් බිලියන 5ක් ගසා කයි..! ජනාධිපති කොමිසමේදී සාක්ෂි සහිතව සුවපතිගේ මෙගා ඩීල් හෙළිවෙයි! (Video)

RSL

Related Posts