රටේ ආර්ථික වර්ධනය 8% ක මට්ටමක පවත්වා ගැනීමට හැකිවුනා – ජනපති
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
අරලියගහ මන්දිරයේ ඊයේ (21 ඔක්.) පැවති 2012 අය වැය සැකසීම සඳහා පුද්ගල අදහස් හා යෝජනා ගැනීමේ අවසන් සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි අය වැයෙන් පුළුල් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් විවධ බාධා මධ්‍යයේ වුවද පසුගිය 2010 සහ 2011 වසරවල, රටේ ආර්ථික වර්ධනය 8%ක ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බවත්ය. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ, 2010 සහ 2011 …
Continue Reading
දර්සුමාන් වාර්තාව එ.ජාතීන්ගේ වාර්තාවක් – දර්සුමාන්
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
අදාළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව දර්සුමාන් වාර්තාව ලෙස හැඳින්වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු නිව් යෝර්ක් නුවරදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මර්සුකි දර්සුමාන් මහතා පැවසුවේ ලංකාව සම්බන්ධයෙන් තම ප්‍රධානත්වයෙන් සකස් කළ වාර්තාව එක්සත් ජාතින්ගේ වාර්තාවක් බවයි. ඔහු ප්‍රකාශ කළේ, අදාළ වාර්තාව සකස් කරනු ලැබුවේ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවක් බවයි. එබැවින් එය හැඳින්විය හැක්කේ ශ්‍රි ලංකාව පිළිබද එක්සත් ජාතින්ගේ වාර්තාවක් …
Continue Reading
ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුගේ මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න – රවී කරුණානායක
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුගේ මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නැයි, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක රවී කරුණානායක ඊයේ (21 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාද ප්‍රශ්න කර ඇති බව ඔහු පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ, කවර ආයතනයක් සහ පුද්ගලයකු යටතේ දැයි රවී කරුණානායක එහිදී විමසා සිටි අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, එය ජනාධිපතිවරයා යටතේ …
Continue Reading
හතළිස් දෙවසරක් බලය නතුකරගෙන සිටි ගඩාෆි ජීවිතක්ෂයට
-
RSL
-
October 20, 2011
-
විදේශීය
-
0 Comments
ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ජීවිතක්ෂයට පත්වු බව ලිබියානු අන්තර්වාර ජාතික කවුන්සිලය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසයි. මීට ටික වේලාවකට පෙර රොයිටර් පුවත් සේවය පැවසුවේ, තුවාල සහිතව කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරයේදී අල්ලා ගත් බවයි. කෙසේ වෙතත් මුවම්මර් ගඩාෆි අල්ලා ගත් බවට වන වාර්තා මේ දක්වා තහවුරු කර නොමැති බව නේටෝ සංවිධානය හා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වන රොයිටර් …
Continue Reading
යුද හමුදාවෙන් යාපනය ජනතාවට නිවාස 1,790 ක්
-
RSL
-
October 20, 2011
-
Uncategorized
-
0 Comments
යුද ගැටුම් හේතුවෙන් නිවාස අහිමි වූ යාපනේ පවුල් 1,790 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුන්දහසකට ආසන්න මුදලක් වැයකර යුද හමුදාව විසින් නිවාස තනා දී තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මේ නිවාස ඉදිකර ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේනිවාස යුද හමුදාව …
Continue Reading
යුද හමුදාවේ ශ්‍රමදානය කල් යයි
-
RSL
-
October 20, 2011
-
Uncategorized
-
0 Comments
යුද හමුදා සාමාජිකයන් සහ නවක සිසු සිසුවියන් යොදා ගනිමින් කිරීමට අදහස් කර තිබූ ශ්‍රමදානයට රුහුණු සරසවියේ සිසුහු ද ආචාර්යවරු බහුතරයක් ද අනධ්‍යන සේවකයෝ ද විරුද්ධ වීම හේතුවෙන් මෙම මස 22 වැනිදා රුහුණ විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රමදානය වහාම ක්‍රියාත්මකවන පරිදි කල් දමා ඇතැයි වාර්තා වේ. ශ‍්‍රමදානයක් මුවාවෙන් යුද හමුදාව විශ්ව විද්‍යාලයට කැඳවීම සහ ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් …
Continue Reading
ආණ්ඩුව අයවැය ලේඛනය උත්සවයක් බවට පත් කරගෙන – ජ.වි.පෙ
-
RSL
-
October 20, 2011
-
Uncategorized
-
0 Comments
පසුගිය අය වැයෙන් දුන් පොරොන්දු බොහොමයක් ඉටු නොකර නැවත ඉදිපත් කිරීමට සුදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19 ඔක්.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. “2011 දී ආණ්ඩුව ආරක්ෂක වියදම ලෙස රුපියල් මිලියන දෙලක්ෂ නව දහස් අටසිය විස්සක් වෙන් කර ගත්තා. 2012දී ආණ්ඩුව දැන් යෝජනා කරලා තියෙනවා වෙන් කරන්න ආරක්ෂක වියදම ලෙස …
Continue Reading
විදුලි ඒකක මිල පහත හෙළිමට හැකියාවක් නැහැ – ඇමති චම්පික
-
RSL
-
October 20, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (19 ඔක්.) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ තාප විදුලිය වැඩියෙන් භාවිත කිරීමට සිදුවීම නිසා විදුලි ඒකක මිල පහත හෙළිමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. විදුලි ඒකක පිරිවැය වැඩිවන විට එය ආයෝජකයින්ට බලපාන්නේ දැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. ඔහු පෙන්වා දුන්නේ …
Continue Reading
කොළඹ විපක්ෂය හෝ ආණ්ඩුව ජයග්‍රහණය කර නැහැ – අගමැති
-
RSL
-
October 20, 2011
-
Uncategorized
-
0 Comments
කොළඹ මහ නගර සභාව විපක්ෂය හෝ ආණ්ඩුව ජයග්‍රහණය කර නොමැති අතර ජනතාව දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කර ඇතැයි, අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න ඊයේ (19 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අග්‍රමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව දෙපාර්ශවයම එක්වී කොළඹ ගොඩනැගිය යුතු බවයි. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව සංශෝධන පනත් කෙටුම්පතේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, තම පක්ෂයේ …
Continue Reading
ජනතාව සැමදා පහළ ජිවන මට්ටමක සිටිනු දැකීම මගේ අපේක්ෂාව නොවේ – ජනපති
-
RSL
-
October 20, 2011
-
Uncategorized
-
0 Comments
මඩකලපුව, වව්නතිව් ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරිම වෙනුවෙන් ඊයේ (19 ඔක්.) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා පැවසුවේ “සැමදා පහළ ජිවන මට්ටමක සිටිනු දැකීම තම අපේක්ෂාව නොවන බවත් කොළඹට සිමා වු සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකට ම ව්‍යාප්ත කිරීම රජයේ අපෙක්ෂාව බවත්ය. මහින්ද චින්තන ප්‍රතිපත්තිය මගින් නගරයේ සංවර්ධනය ගම්වලට ගෙනයාමේ වැඩපිළිවෙළ සකස්කර ඇති බව පැවසු ජනධිපතිවරයා ඊට ජනතා සහය අවශ්‍ය බව සඳහන් කළේය. …
Continue Reading