භාරත ඝාතනය කුමන්ත්‍රණයක් බව වාසුදේව සැක කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ කුමන්ත්‍රණයක් තිබූ බවට සැකකළ හැකි බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිය අමාත්‍යාංශයේදි අද (19 ඔක්.) තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද අමාත්‍යවරයා කියා සිටියි. එහිදී ඝාතනය කුමන්ත්‍රණයක් පිළිබඳව පොලිස් නිලධාරින් තමන්ගෙන් කරුණු නොවිමසු බවත්, තමන් ඒ පිළිබඳව ඔවුන්ට ප්‍රකාශයක් නොකළ බවත් පවසන අමාත්‍යවරයා විනාඩි …

Continue Reading

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ හයවන අදියර අම්පාරේදී

නිවසක් අහිමි රණ විරුවන්ට හිසට සෙවණක් ලබා දීමේ අරමුණින් ආරම්භ කළ “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ 06 වන අදියර යටතේ අම්පාර, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල ඉදිකළ නිවාස 14ක් රණ විරුවන්ට පැවරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19 ඔක්.) පෙරවරුවේ අම්පාර දිව්ලාන විද්‍යාලයේ දී සිදු විය. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් කේ.එම්.ආර්. ජයරත්න රණ විරුවාට හිමි නිවස පිරිනැමීම ජනාධිපතිතුමා අතින් …

Continue Reading

ඇමෙරිකානු ජී.එස්.පී ප්ලස් බදු සහන නැවතත්

2010 වසරේදී නවතා දමන ලද ශී‍්‍ර ලංකාව ද ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 131කට ඇමෙරිකාව විසින් ලබාදෙන ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත වරක් කි‍්‍රයාවට නැංවෙන බවට වාර්තා වේ. වසර 2013 අවසානය දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිත එම වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබීමට නියමිත බව ශී‍්‍ර ලංකා වානිජ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Continue Reading

දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 197 කට දැවී යයි

ඊයේ (18 ඔක්.) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවූ පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ අසාර්ථක වුහ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කරනු ලැබුවේ, ලකුණු 197 ක් පමණි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 27 ක් රැස් ක‍ළේය. ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කරමින් …

Continue Reading

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බැහැ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල සේවය කරන කිසිදු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට එරෙහිව නීතිමය වශයෙන් හෝ අනියම් ආකාරයෙන් කටයුතු කිරීම සඳහා කිසිවකුටත් හැකියාවක් නැතැයි රජය අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් ඒකමතිකව ඇති කරගත් සම්මුතීන්ට අනුකූලව මෙන්ම පිළිගත් සම්ප්‍රදායන්ට අනුව ලොව ඕනෑම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට එරෙහිව නඩු පැවරීම, චෝදනා ගොනු කිරීම ආදී කිසිවක් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. …

Continue Reading

ධනවත් දෙමළ ව්‍යාපාරිකයින් හඳුන්වා දෙන්නැයි, ලියම් ෆොක්ස් ඉල්ලීම් කරලා

ධනවත් දෙමළ ව්‍යාපාරිකයින් හඳුන්වා දෙන්නැයි, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වු ලියම් ෆොක්ස් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ හිටපු සභාපති රොජර් ශ්‍රීවාසන් බී.බී.සි. සිංහල සේවයට පවසා තිබේ. ඔහු පෙන්වා දී ඇත්තේ, 2007 සහ 2009 කාලය තුළ අවස්ථා කිහිපයකදී තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සමග ෆොක්ස් හමු වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කළ බවයි. නිල රාජකාරියක් නොමැතිව …

Continue Reading

2012 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2012 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ඊයෙ (18 ඔක්.) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව රජයේ සේවා වියදම රුපියල් එක්ලක්ෂ විසිඅටදහස් හාරසිය විසිඅටකෝටි, හතලිස් හතර ලක්ෂ හැත්තෑ එක් දහසකි. රුපියල් බිලියන 229.9 ක් වු වැඩිම මුදල රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර ඇත. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 104.5 ක් වෙන්කර ඇති අතර …

Continue Reading

භාරතට බල්ලෙක් වගේ වෙඩි තැබීම පිටුපස්සේ ලොකු හස්තයක් තියෙනවා – භාරතගේ සොහොයුරු

පසුගිය 08 වැනිදා ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර හා වෘතීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂමන් පේ‍්‍රමවන්‍ද්‍ර මහතාගේ ඝාතකයන් හෙලිදරවුකර ගැනීමට හා ඔවුන්ට දඬුවම්දීමට ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කරන බව පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සොහොයුරිය ස්වර්ණා ගුණරත්න මහත්මිය කියයි. කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේ අද (18 ඔක්.) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇය පැවසුවේ භාරත ඝාතන කුමන්ත‍්‍රණය අද ඊයේ ආරම්භ වූවක් නොවන …

Continue Reading

කරුණු දෙකක් මත දුමින්දගෙන් ප්‍රශ්න කරන්න බැහැ – ලක්‍ෂමන් හුළුගල්

දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගැනීම සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අවසරයකින් තොරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගෙන් කටඋත්තර ලබා ගත නොහැකිවීම යන කාරණා දෙක මත දුමින්ද සිල්වා මහතාගෙන් මේ වන තෙක් කට උත්තර ගෙන නැති බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා පවසයි. කෙසේවුවද, දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය හොඳ අතට පත්වීමෙන් පසු ඔහුගෙන් කට උත්තර ගැනීමට පොලිසිය සූදානමින් සිටින බව ජ්‍යෙෂ්ඨ …

Continue Reading

ආන්දෝලනාත්මක සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනිදා

සුදු කොඩි නඩුවේ තීන්දුව ලබන නොවැම්බර් 18 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල අද (18 ඔක්.) ප‍්‍රකාශ කළහ. විත්තියේ තීතීඥ නලින් ලද්දුව හෙට්ටි මහතාගේ විත්තියේ දේශන අද අවසන් කිරීමෙන් පසුව ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල මෙම ප‍්‍රකාශය කළහ. වසරකට ආසන්න කාලයක් දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව හා ඉසෙඞ්. රෂින් යන ති‍්‍ර පුද්ගල විනිසුරු …

Continue Reading