ශ්‍රී ලංකා පාකිස්ථාන ප්‍රථම ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වේ
-
RSL
-
October 23, 2011
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (22 ඔක්.) අවසන් විය. එහිදී කුමාර් සංගක්කාර සිය 8 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ලකුණු 120ක් ලබා ගත් ප්‍රසන්න ජයවර්ධන සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකය වාර්තා කරනු ලැබීය. මොවුන් දෙදෙනා විසින් දෙවන ඉනිමේදී හය වන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 201 ක අති විශිෂ්ට සබඳතාවය හේතුවෙන් තරඟය …
Continue Reading
ආයෝජනය සඳහා හොඳම ආසියාතික රට ශ්‍රී ලංකාවයි – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
-
RSL
-
October 23, 2011
-
Uncategorized
-
0 Comments
නොබැඳි ජාතීන්ගේ රටවලට ආයෝජනය සඳහා හොඳම ආසියාතික රට ශ්‍රී ලංකාව බවත් ඒ සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය සාර්ව ආර්ථික පරිසරය හා යටිතල පහසුකම් රට තුළ ගොඩනැඟී ඇති බවත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාර කවුන්සිලය මඟින් නොබැඳි ජාතින්ගේ වෙළෙඳ කටයුතු පුළුල් …
Continue Reading
අල්ලස් හෝ දූෂණ ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක්
-
RSL
-
October 23, 2011
-
Uncategorized
-
0 Comments
රජයේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, විදුහල්පතිවරුන් මෙන්ම ඕනෑම රාජ්‍ය සේවකයකු විශ්වාස කළ නොහැකි ආකාරයෙන් දේපළ, ධනය රැස්කරගෙන තිබේ නම් ඒ පිළිබඳව තොරතුරු සහිතව නිර්නාමිකව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිලි කළ හැකි යැයි අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසම පවසයි. වත්කම් නඩු යටතට ගැනෙන මේ පැමිණිලි පැය 24 පුරාම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන අංක 1954 ඔස්සේ හෝ ලිඛිතව දැන්විය හැකි අතර …
Continue Reading
ශී‍්‍ර ලංකාව ඉතා සුන්දර රටක් – සොනාක්ෂි සිංහා
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකාවේ ජනතාව තමා උණුසුම් ලෙස ආදරයෙන් පිළිගත්ත් බවත්, ශී‍්‍ර ලංකාව ඉතා සුන්දර රටක් බව බොලිවුඞ් සිනමාවේ නැගී එන තරුවක් වන සොනාක්ෂි සිංහා කියයි. කටුනායක ගුවන් තොටුපලින් පසුගිය 17 වැනිදා දිවයිනට පැමිණි ඈ සීගීරියේදී පටිගත කිරීමට නියමිත සී.එන්.එන්. රූපවාහිනී පටිගත කිරීමක් අතරවාරයේදි මේ බව සඳහන් කර තිබේ. තමාගේ දෙවැනි ශී‍්‍ර ලංකා සංචාරය මෙය බව ද පවසන ඈ මෙවර ලංකාවට පැමිණියේ සිවුදිනක …
Continue Reading
මොලේ පිළිකා සහ ජංගම දුරකථන අතර සම්බන්ධතාවක් නොමැති බව හෙළිවේ
-
RSL
-
October 22, 2011
-
සෞඛ්‍යය
-
0 Comments
පසුගිය වසර 18 පුරා ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයින් 35,0000 කගේ පමණ දත්ත දායක කර ගනිමින් සිදුකල පර්යේෂණයකින් පසු, මොලේ පිළිකා සහ ජංගම දුරකථන අතර සම්බන්ධතාවක් නොමැති බව හෙළි වී තිබේ. වසර 20ක පමණ කාලයක සිට මේ පිළිබඳ දැඩි විවාදයක් පැවතිණ. පසුගිය වසර කිහිපය තුල ලොව පුරා ජංගම දුරකථන භාවිතය අති විශාල ලෙස ඉහළ යාමද සිදුවිය. කෙසේ වෙතත් මේ පිළිබඳ …
Continue Reading
තලංගම පොලිසියට ජවිපෙ ලේකම්වරයාගෙන් කට උත්තරයක්
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් තලංගම පොලිසිය ඊයේ (22 ඔක්.) ප‍්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වේ. පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවක් මූලික කර ගනිමින් ප‍්‍රධාන ලේකම්වරයාට එරෙහිව මදනායක නැමැත්තෙකු ගොනුකර ඇති පැමිණිල්ලකට අනුව ජවිපෙ ලේකම්වරයාගෙන් කට උත්තරයක් ලබා ගත් බව තලංගම පොලිසිය සඳහන් කළේය. පසුගිය 19 වැනිදා තමන් පක්‍ෂ …
Continue Reading
පකිස්ථාන ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන්වන ලකුණු
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
එක්.අ. එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟයේදී අවසන් දිනයේ අවසන් පන්දුවාර 40 ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානුවන්ගේ ජයග්‍රහණයේ බලපොරොත්තු බිඳ දැමීමට සමත්වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම ඉනිමේදී ලකුණු 197 කට සීමාවූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සිය පළමු ඉනිමට කඩුලු 6 කට ලකුණු 511 ක් ලබා ගත්තේය. දෙවන ඉනිමේදී …
Continue Reading
සාධාරණය ඉටු නොවුනහොත් B සැලසුම ක්‍රියාත්මක කරනවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ මරණ පරීක්ෂණයේ සාක්ෂි සටහන් කරගැනීම දෙවන දිනට ඊයේ (21 ඔක්.) සිදුවූ අවස්ථාවේදී අධිකරණ භූමියේ දී අදහස් දක්වමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියක් පවතින බව තමන් විශ්වාස කරන බවත්, එම නීතිය විසින් හෝ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. …
Continue Reading
දුමින්ද සිල්වා භාරත මහතාට පයින් ගැහුවා
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
මුල්ලේරියාව සිද්ධියේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට දුමින්ද සිල්වා මහතා විසින් පයින් ගැසූ බව ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකු වන විශ‍්‍රාමික මාර්ක් ෆ‍්‍රෑරැන්ක් විජේසිංහ මහතා ඊයේ (21 ඔක්.) පැවැති මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් පැවසීය. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා හමුවේ මෙම මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදු විය. භාරත මුලින්ම දුමින්ද සමග පැමිණි දෙදෙනෙකු තල්ලු කළ බවත්, පසුව දුමින්ද භාරතට පයින් ගැසූ බවත් ඔහු අධිකරණය …
Continue Reading
ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවේ අවලාද එල්ලවීම කනගාටුවට කරුණක්
-
RSL
-
October 22, 2011
-
Uncategorized
-
0 Comments
මෙක්සිකෝ සහ එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින කොංග්‍රස් සාමාජික ඇල්බර්ට් බෙන්ජමින් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා (20 ඔක්.) අරලියගහ මන්දිරයේ දී හමු විය. ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවටත්, රාජ්‍ය නායකයාටත් ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රසාදය වෙනුවට අවලාද එල්ලවීම කනගාටුවට …
Continue Reading