පැරදුණු බව තේරුම්ගන්න – ඇමැති ලක්ෂ්මන් යාපා කියයි

අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා විසින් පසුගිය දා මාතර රැස්වීමක් අමතා ප්‍රකාශ කළේ, පසුගිය ජනපතිවරණය ජයගන්නට කළ හැකි දේවල් සියල්ලම කළත් මහින්ද රාජපක්ෂ මහතා සැබැවින්ම පරාජය වූ බවයි. කාර්යාලයේ බැනර් එකේ සිට සියලු දේවල් ජනාධිපති කාර්යාලයෙන් යැවුවත් කිසිදාක නොකළ පරිදි ඡන්ද පොළ නියෝජිතයන්ට මුදල් පවා දුන්නත් ජනපතිවරණය පරාජය වූ බවත් එය තේරුම්ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය. කුඩා …

Continue Reading

බ්ලූ මවුන්ටන් සමාගම සිය නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරයි

පසුගියදා නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය සාර්ථකත්වයේ විශාල කඩයිමක් පසු කිරීමට සමත් විය. මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන්හි සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සාමාන්‍ය අලෙවිකරණ අනුපාතිකයට වඩා සුවිශේෂී වර්ධන වේගයක් අත්කර ගත් සිය සමූහ ව්‍යාපාරයේ නාමය ප්‍රවර්ධනය කිරීමටත්, ශක්තීන්, ශක්‍යතාවන් …

Continue Reading

රට නැවතත් අඳුරට!

විදුලිබල අර්බුදය වඩාත් උග්‍ර අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඊයේ වනවිට කැළණිතිස්ස බලාගාරයට අයත් තවත් ඩීසල් විදුලි ජනකයක් අක්‍රිය වී ඇත. ඒ මගින් ජාතික විදුලිබල පද්ධතියට ලැබුණු මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බව දැනගන්නට ඇත. මේ තත්වය මත ඉදිරියේ දී නැවත දවසට පැය 3 බැගින් විදුලි අත්හිටුවීම්වලට මුහුණ දෙන්නට ජනතාවට සිදුවනු ඇත. ජාතික …

Continue Reading

ජොගින් ට්‍රැක් සහ තාර පාරවල්!

අර කඩලා දැම්මයි කියන මීටර් 450 ක ජොගින් ට්‍රැක්කෙකට කෝටි 8 ක් ගිහින්ලු නේ? වෙන්ඩත් ඇති ඉතින්. ඔය ජොගින් අනං මනං එව්වා හොඳ පොෂ් එකට හදන්ට වෙනවා ඇතිනේ. මං දන්නෑ ඕවා. මේ පින්තූරේ අපි ගම්මු කට්ටිය එකතුවෙලා හදපු පාරක තාර දාන සීන්ස් එකක්. පලල අඩි අටයි. දුර දෛවෝපගත ලෙසම මීටර් 450 යි. ගම්මුන්ගේ තරමක මහන්සියයි, අමතරව ගමෙන්ම එකතු කරගත්තු ලක්ස …

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ අමුතු සෙල්ලමක්!

ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන බව අප පුවත් අංශයට වාර්තා වෙයි. වත්මන් කථානායක කරු ජයසූරියගේ හිටපු ලේකම්වරියක් බව කියන උදයවානි පෙරේරා යන අය ඛනිජ තෙල් …

Continue Reading

පාර්ලිමේන්තුවට අවුරුදු ඩීල්කාරයන්ගේ සල්ලිවලින් ද?

එළැඹෙන මෙරට ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්නට යන බව රීඩ් ශ්‍රී ලංකා පුවත් අංශය වෙත වාර්තා වෙයි. මේ අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල විසින් සිදුකරන බවත් රුපියල් මිලියන 10ක එනම් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කර ඇති බවත් දැනගන්නට ඇත. මෙහි ඇති නරක ම තත්වය …

Continue Reading

රාජිත ජනපතිටත් ඉහළින්!

. යහපාලන ආණ්ඩුව නමින් හැඳින්වෙන සම්මුතිවාදී ආණ්ඩුවේ මහින්ද ක්‍රමයට වැඩ කරන්නට තතනන දෙතුන් කට්ටුවක් සිටිති. ඇමැති අර්ජුන ප්‍රමුඛ නඩය සහ රාජිත සේනාරත්න ප්‍රමුඛ නඩය ඒ අතරින් ඉදිරියෙන් ම සිටිති. මේ කියන්නට යන්නේ, ඇමැති රාජිත ගැන කතාවකි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආමාත්‍ය ධුරය දරන රාජිත සේනාරත්නගේ ක්‍රියා කලාපය ඉතා ම අත්තනෝමතික බව බොහෝ දෙනා දන්නා කරුණකි. මාලබේ ඊනියා වෛද විද්‍යාලය සම්බන්ධව …

Continue Reading

අප විද්‍යා! – ස්ත්‍රී සහ දරු දූෂණ වසංගතය ගැන ලියැවුණු අති ප්‍රබල ගීයක්!

ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න ඇතිනි රැලට කිරි එරුණිද කියන්න නෙතිනි හඬන ලක් මවුනී දියණි කොතැනදෝ වැටුණී පතිනි මවුනී සළඹ උනා පංචායුද දරන්න ඇය වේමැ යි.. අප විද්‍යා ඇය වේමැ යි.. අප සේයා ඇයයි රිසානා නොඑනා පතිනි මවුනි පොළොවෙ හැපී සළඹ හඬින් හඬන්න යකඩ පිරිමි හද පෑරී ලේකිරි බිඳු එරෙන්න ඇතිනි මවුනි ඇය වේමැයි.. ඔබෙ අම්මා ඇය වේමැයි.. ඔබෙ …

Continue Reading

සතිඅග සලරුව – The Passion of the Christ (2004)

“මේ චිත්‍රපටය ප්‍රේමය, බලාපොත්තුව, භක්තිය හා දයාව ගැනයි. උන්වහන්සේ මුලු මහත් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන්ම දුක් වින්දා. ඒ මුල්ම පණිවිඩය වෙත ආපසු යන්න කාලයයි මේ. ලෝකය විපරීත වෙලා. ප්‍රේමයෙන්, බලාපොරාත්තුවෙන්, භක්තියෙන්, දයාවෙන් ටික ටික දැන් අපට ඕනෑ වෙලා“ යේසුස් ක්‍රිස්තූන් ගේ දුක්ප්‍රාප්තිය, ද පැෂන් ඔෆ් ක්‍රයිස්ට් නමින් සිනමාවට නගන්නට පෙර, එහි අධ්‍යක්‍ෂ කීර්තිධර හොලිවුඩ් රංගන ශිල්පී මෙල් ගිබ්සන් එසේ කියා සිටියා. ද …

Continue Reading

යහපාලනය රජයේ සේවකයන්ගේ අවුරුද්ද කයි ද?

අපට වාර්තා වී ඇති පරිදි රාජ්‍ය ආයතන බොහෝමයක සිංහල-හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් ලබා නොදෙන්නට තීරණය කර ඇත. මෙකී බොහෝ ආයතන පාඩු පිට මහා භාණ්ඩාගාරයේ උදවුවෙන් පැවැත්ම සාදා ගන්නා ඒවා වුවත් බොහෝ දෙනා වසරකට වරක් සමරන මේ උත්සව අවස්ථාවේ දී අත්තිකාරම් ලබා දීමට මුදල් නිදහස් නොකිරීම ජනතා හිතැති රජයකට නම් තරම් නොවන්නකි. මෙරට වැදගත් ම …

Continue Reading