අතීතයට දොස් නොතබා රට ගොඩනැගීමට සුදානම් වන්න..

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද එතුමා පවසයි. අද (06) ජනාධිපති කාර්යාලයේදී  වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමතමින් ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ …

Continue Reading

දවස් ගණනක් ගියද ශ්‍රී ලංකා පොලිසියට අල්ලාගන්න බැරි වුණු ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ CIDයට පැමිණ බාර වෙයි

නව ආණ්ඩුව බලයට පත්ව ගත වූ කාල සීමාව තුළ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් සහ එම ආණ්ඩුවේ දේශපාලන සබඳතා ඇති පිරිස් පැය ගණනක් තුළ අත් අඩංගුවට සමත් වු ශ්‍රී ලංකා පොලිසියට ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කොට දින ගණනක් ගත වුවද අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ වාතාවරණයක් තුළ එම සැකකරුවන් …

Continue Reading

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ජයගැනීමට ට්‍රම්ප් සමත්වෙයි

අමෙරිකානු සෙනෙට් මණ්ඩලය,ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවෙන් ඔහු නිදහස් කර තිබේ. ඒ අනූව, කොංග්‍රසය මගින් සම්මත කිරීමෙන් පසු දැඩි විවාද මාලාවක් පැවති ඓතිහාසික දෝෂාභියෝග චෝදනාව නිමාවට පත්වනු ඇත. ඒ අනූව, ජනාධිපති ට්‍රම්ප් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ, දෝෂාභියෝගයකට මුහුණ දී මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ පවතින සෙනෙට් මණ්ඩලය මගින් අදාළ දෝෂාභියෝග චෝදනාව …

Continue Reading

උද්ගතව ඇති ආර්ථික අර්බුදය ගිය ආණ්ඩුව මත පටමින් මේ ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්!

2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි වත්මන් ආණ්ඩුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි. – උපුටා ගැනීම- 2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය …

Continue Reading

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී සහ ජනපති අතර හමුවක්

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය. ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

Continue Reading

චීනයේ අවමංගල්‍ය උත්සව තහනම් කරයි

කෙරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා චීනය කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල්‍ය උත්සව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.  කොරෝනාවෛරසයෙන් මියගිය සංඛ්‍යාව අද (05)  වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අද වන විට චීනය ඇතුළු රටවල් 25 කින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 24500ක්.  එමෙන්ම කෙරෝනා වෛරසය ආසාදනය වු  892 …

Continue Reading

සජිත්ගේ කල්ලිවාදයට එරෙහිව රනිල්ගෙන් තවත් වෙට්ටුවක්..

රනිල් – සජිත් බල අරගලයේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඔහු සදහන් කළේ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන එජාප නායකයාට ඉතාම …

Continue Reading

ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නැහැ

සුරක්ෂිත ජීවිතයකට, ස්වාධීන මතයක් දැරීමට සහ පළ කිරීමට හා නිදහසේ සිතීමට සියලුදෙනාට ඇති අයිතිය සුරකින අතර, ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. අද ( 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ පැවති 72 වන ජාතික නිදහස් දින උළෙලේ දී ජාතිය අමතා කථා කළ ජනාධිපතිතුමා තමා සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා බවත්, ඔවුන්ගේ සුබ …

Continue Reading

හිටපු ජනපති විත්ති කූඩුවට..!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට අවසර ලබාදුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන විනිසුරු වරුන්ගෙන් …

Continue Reading

වටේ ඉදන් බුරන අය විසිවෙයි.. රනිල් සජිත්ට මඟ පෙන්වයි..!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් බිහිවන දේශපාලන සන්ධානයේ මහ ලේකම්ධුරය සදහා නම් නොකළ යුතු පුද්ගලයින් හය දෙනකුගේ නම් ලැයිස්තුවක් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබාදී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ සහ නලින් බණ්ඩාර යන අයට කිසිම හේතුවක් නිසා නව සන්ධානයේ මහ ලේකම්ධුරය ලබා …

Continue Reading