චීනයේ අවමංගල්‍ය උත්සව තහනම් කරයි

Spread the love

කෙරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා චීනය කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල්‍ය උත්සව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 

කොරෝනාවෛරසයෙන් මියගිය සංඛ්‍යාව අද (05)  වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අද වන විට චීනය ඇතුළු රටවල් 25 කින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 24500ක්.  එමෙන්ම කෙරෝනා වෛරසය ආසාදනය වු  892 කු මේ වන විට සුවය ලබා ඇති බව ද වාර්තා වේ. 

වෛරසය පැතිරවීම වැළැක්වීම සදහා චීනයේ නගර රැසක දෛනික කටයුතු අත්හිටුවා ඇති අතර ජනාකීර්ණ බෙයිජිං අගනුවර සහ ෂැංහයි නගර තුළ දක්නට ලැබුණේ දැඩි පාළු ස්වභාවයක්. 

කොරෝනාවෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල උත්සව නොපැවැත්වීමට චින රජය නියෝග කර තිබේ.එම නියෝගයේ දැක්වෙන්නේ, මියයන කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු රෝහල ආසන්නයේම ඇති සුසානයේදී භූමියේදී සිදුකළ යුතු බවයි. ආසන්නතම කාලයේදී වූහාන් නගරය ඇතුලු ආසාදිතයන් බහුල නගර වෙත සංචාරය කර, එය  සඟවා සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමටත් චීන පොලිසිය කටයුතු කර තිබේ.

RSL

Related Posts