සජිත්ගේ කල්ලිවාදයට එරෙහිව රනිල්ගෙන් තවත් වෙට්ටුවක්..

Spread the love

රනිල් – සජිත් බල අරගලයේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

ඔහු සදහන් කළේ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන එජාප නායකයාට ඉතාම සමීප මන්ත‍්‍රීවරුන් තිදෙනාව පත්කර ඇති බවයි.

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ලෙස පත් කරන්නේ කවුුරුන්ද යන්න එළඹෙන පෙබරවාරි 06 පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස මෙම ත්‍රිපුද්ගල කමිටුවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් දන්වා ඇති බව ද ඔහු සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප ජ්‍යේෂ්ඨයා කියා සිටියේ, නව සන්ධානයේ මහ ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ අයකු පත්කරන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂයෙන් උපදෙස් දුන් බවත් තනතුරු සඳහා නිර්දේශිත නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එජාප නායකයා සදහන් කළ බවයි.

මේ බව ඊයේ (03) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු වන පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ද තහවුරු කළේය.

මේ අතර පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී ශාලා අංක 02හි පැවැති සාකච්ඡුාවකදී සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කළේ තමා නායකත්වය දෙන නව සන්ධානයේ මහ ලේකම් ධුරයට රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කරන බවයි. මෙහිදී විපක්ෂ නායකවරයා එජාප නායකයාට හිතවත් මන්ත‍්‍රීවරුන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීමට ද අමතක නොකළේය.

RSL

Related Posts