හිටපු ජනපති විත්ති කූඩුවට..!

Spread the love

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට අවසර ලබාදුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන විනිසුරු වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම ඊයේ (03) දින කැඳවූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අවසරය ලබා දුන්නා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බවත්, තමන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක් නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් කියා සිටියා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම සලකා බැලීම මැයි මස 26 වනදා තෙක් කල් තැබුවා.

RSL

Related Posts