වටේ ඉදන් බුරන අය විසිවෙයි.. රනිල් සජිත්ට මඟ පෙන්වයි..!

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් බිහිවන දේශපාලන සන්ධානයේ මහ ලේකම්ධුරය සදහා නම් නොකළ යුතු පුද්ගලයින් හය දෙනකුගේ නම් ලැයිස්තුවක් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබාදී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ සහ නලින් බණ්ඩාර යන අයට කිසිම හේතුවක් නිසා නව සන්ධානයේ මහ ලේකම්ධුරය ලබා නොදිය යුතු බවයි එජාප නායකයා විසින් අවධාරණය කර ඇත්තේ.

මෙම නම් සජිත් පේ‍්‍රමදාස මහතා වෙත යොමු කරමින් පවසා ඇත්තේ අදාළ පුද්ගලයින් සය දෙනා කලහකාරී ලෙස කටයුතු කරන්නන් බැවින් මහ ලේකම් තනතුර සඳහා ඔවුන් නම් නොකරන ලෙසයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් බිහිවන දේශපාලන සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කරන බව සජිත් පේ‍්‍රමදාස මහතා අද (03) පාර්ලිමේන්තුවේ කමිටු 02 ශාලාවේදී එජාප ආසන සංවිධායකවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාව අවස්ථාවේ සදහන් කළා. එය ඍජුවම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම/ නියෝගය නොසලකා හැරීමක් බවයි දේශපාලන විචාරකයින් කියන්නේ.

එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස සහ යෝජිත සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වෙත සන්ධානයේ මහ ලේකම් නම් කිරීමට අවස්ථාව පවති නමුත් ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය අවශ්‍යය වෙනවා.

RSL

Related Posts