ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ජයගැනීමට ට්‍රම්ප් සමත්වෙයි

Spread the love

අමෙරිකානු සෙනෙට් මණ්ඩලය,ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවෙන් ඔහු නිදහස් කර තිබේ.

ඒ අනූව, කොංග්‍රසය මගින් සම්මත කිරීමෙන් පසු දැඩි විවාද මාලාවක් පැවති ඓතිහාසික දෝෂාභියෝග චෝදනාව නිමාවට පත්වනු ඇත. ඒ අනූව, ජනාධිපති ට්‍රම්ප් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ, දෝෂාභියෝගයකට මුහුණ දී මැතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින්ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයේ පවතින සෙනෙට් මණ්ඩලය මගින් අදාළ දෝෂාභියෝග චෝදනාව පරාජයට පත්කරනු ඇති බවට මුල සිටම අනාවැකි පළවිය.

බලය අයුතු ලෙස පරිහරණය කිරීම කොංග්‍රසයට බාධා කිරීම හා ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩ්න්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට යුක්‍රේනයට බලපෑම් කිරීම යන චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී තිබිණ. ඒ අනූව, බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සෙනෙට් සභාව ඡන්ද 52ට 48ක් ලෙස පරාජයට පත් කළේය.

කොංග්‍රසයට බාධා කිරීමේ චෝදනාව පරාජයට පත් කර ඇත්තේ, ඡන්ද 53ට 47ක් ලෙසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට මුහුණ දුන් තෙවැනි අමෙරිකානු ජනාධිපතිවරයායි. ජනාධිපති ට්‍රම්ප් තමන්ට එල්ල වූ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර, තවත් සිව්වසරක දෙවැනි ධුර කාලයක් සඳහා අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, සෙනෙට් සභාවේ ක්‍රියාවලිය දෝෂ සහගත බවට නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින් චෝදනා කරයි.

RSL

Related Posts