පක්ෂයේ බෙදීම පක්ෂයට විශාල පාඩුවක් – එස්.බී

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුව ඇති බෙදීම පක්ෂයේ ඉදිරිගමනට විශාල පාඩුවක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ(01) පවත්වන ලද මැයි රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අදහස් විමසූ අවස්ථාවේදී එස්.බී. අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඒකාබද්ධයේ මැයි රැළිය සාර්ථක හෝ අසාර්ථක එකක් නොවන බවයි. මෙහිදී එස්.බී. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී. (වීඩියෝව පහතින්) youtube 8oc_vyEBt0s

Continue Reading

මේක රට කැබලි කොට විදේශිකයින්ට විකුණන ආණ්ඩුවක් – මහින්ද

ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරායත් විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ ඊයේ (01) ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි. අනෙක් අතට රට කැබලි කොට බන්දේසියක තබා විදේශ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට ලබාදෙමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ජනතාවගෙන් …

Continue Reading

වැඩකරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කයයි – අගමැති රනිල්

තරගකාරී ලෙස රටේ නිෂ්පාදනය වැඩි කර ලැබෙන ලාබය හාම්පුතුන්ට පමණක් සීමා නොකර ලාබයෙන් කොටසක් වැඩ කරන ජනතාවට ලබා දිය යුතු බවත් වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කය බැවින් ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීමට රජය සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, කැම්බල් පිටියේ ඊයේ (01) පැවැති …

Continue Reading

පැරදුණු පක්ෂය යළි ජයග්‍රහණය කරවනවා; කළ පාවාදීම් අපි දන්නවා – ජනපති

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පසුගිය කාලය පුරා කිසිවක් නොකරමින් පක්ෂයේ ගමන් මඟට බාධා එල්ල කළ උදවිය පක්ෂය සඳහා නව ආසන සංවිධායකරුන් පත්කළ අවස්ථවේ පක්ෂය දෙකඩ කරන බවට තමන්ට චෝදනා කරමින් නිවේදන නිකුත් කළ බවත් අලුත් දේශපාලන පක්ෂ හදාගෙන වෙනත් තැනක ජත්‍යන්තර කම්කරු දිනය පවත්වන අතර තුර මොවුන් මෙම චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග …

Continue Reading

මැයි දිනයට ජනතාවගෙන් රැළි සහ පිටි පිරවුණු හැටි (වීඩියෝ)

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල බලය පෙන්වීමේ සටනක්‌ බවට පත්කරගනිමින් ඊයේ (01) ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පවත්වනු ලැබූ මැයි දින රැලිවලට ජනගංගාවන් ගලනු දැකිය හැකි විය. ඇතැම් මැයි පෙළපාලි රැස්‌වීම් අවසන් වනවිටත් නිමාවට පත්වී නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, එක්‌සත් ජනතා …

Continue Reading

සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. youtube hRkXafSYrTQ

Continue Reading

ඇමති ජෝන්ගෙන් දත් දොස්තරට කනේ පහරක්!

දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරයා වගේ තමා සෑම පක්‍ෂයකටම සම්බන්ධවූ අයකු නොවන බවද තමා එදත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අදත් එම පක්‍ෂයේම යෑයිද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති කම්කරු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා පවසයි. ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. මම දෙපිටකාට්‌ටු නැහැ. මම හැමදාම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ. මගේ කකුල් දෙකම තබා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මතයි. …

Continue Reading

මැයි දිනට පොලිසියේ විශාල පිරිසක්!

මැයි දින පෙළපාළි පැවැත්වෙන සියලුම ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසියේ හත්දහසකට වැඩි පිරිසක් යොදවා තිබේ. විශේෂයෙන් මෙම මැයි දින පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහ රථ වාහන රාජකාරි සඳහා මෙම පිරිස යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කෙළේය. විශේෂයෙන් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. අද රාත්‍රි කාලයේ සිට මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට …

Continue Reading

SFගෙන් බලය ගැන ආන්දෝලනාත්මක කතාවක්!

තමා හමුදාපතිව සිටියදී උවමනාවක් තිබුනේ නම් තමන්ට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමන්ට එවැනි විනය විරෝධී වැඩ කර පුරුද්දක් නැති බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී අමාත්‍ය ෆොන්සේකා, අමාත්‍ය ජොන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ …

Continue Reading

කොළඹ කුණු කරදියානට බැහැර කිරීමට එරෙහිව තහනම් නියෝගයක්!

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ එක්‌ රැස්‌ වන කැළි කසළ පිළියන්දල කරදියාන කසළ අංගනයට බැහැර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස කැස්‌බෑව මහෙස්‌ත්‍රාත් ගිහාන් රණවක මහතා ඊයේ (28 දා) නියෝග කළේය. සිද්ධියට ආදාළව පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී බස්‌නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරිය හා ස්‌වේච්ඡා සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස …

Continue Reading