SFගෙන් බලය ගැන ආන්දෝලනාත්මක කතාවක්!

Spread the love

තමා හමුදාපතිව සිටියදී උවමනාවක් තිබුනේ නම් තමන්ට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමන්ට එවැනි විනය විරෝධී වැඩ කර පුරුද්දක් නැති බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී අමාත්‍ය ෆොන්සේකා, අමාත්‍ය ජොන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ හිතවතෙක් නිසා ඔවුන්ට පහර වදී යයි බියෙන් සිටින බවද පැවසීය.

ජනාධිපතිවරයා තමනට අලූත් තනතුරක් යෝජනා විහිළුවට යයි ඇමති එස්බී දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශක් සම්බන්දයේන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඇමතිවරයෙක් ලෙස එස්.බී. දිසානායකට තමන් ගෞරව කලද ඔහු තමන්ගේ සියලු දේ විහිලුවක් කරගෙන ඇති බවත් ඔහු ජීවිතයේ එක් වතාවකදීවත් ගැඹුරින් සිතා කටයුතු කළ යුතු බවයි.

මෙවන් අය කරන ප්‍රකාශ ගණන් ගත යුතු නැති බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts