කොළඹ කුණු කරදියානට බැහැර කිරීමට එරෙහිව තහනම් නියෝගයක්!

Spread the love

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ එක්‌ රැස්‌ වන කැළි කසළ පිළියන්දල කරදියාන කසළ අංගනයට බැහැර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස කැස්‌බෑව මහෙස්‌ත්‍රාත් ගිහාන් රණවක මහතා ඊයේ (28 දා) නියෝග කළේය. සිද්ධියට ආදාළව පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී බස්‌නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරිය හා ස්‌වේච්ඡා සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

බස්‌නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරිය කරුණු දක්‌වමින් කොළඹ නගර සභා සීමාවේ කැළි කසළ කරදියාන අංගනයට බැහැර කරලීම තවදුරටත් සිදුකිරීම අපහසු බවත් එසේ කැළි කසළ බැහැර කරලීමට එරෙහිව ප්‍රබල මහජන විරෝධතාවක්‌ ද මතුව ඇති බවත් කියා සිටියේය.

ස්‌වෙච්ඡා සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්‌වමින් කරදියාන අංගනයට මෙලෙස අධික කැළි කසළ ප්‍රමාණයක්‌ බැහැර කරලීමෙන් සිදුවන පරිසර හානිය ගැන පෙන්වා දෙන්නට වූහ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා කරදියාන කසළ අංගනයට කැළි කසළ බැහැර කරලීමට ලබා දි තිබූ නියෝගය අවලංගු කරමින් ඊයේ (28 දා) සිට කැළි කසළ බැහැර කරලීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙසට නියෝග කළේය.

කරදියානට කැළි කසළ බැහැර කරලීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදෙන ලෙසට පසුගිය අවස්‌ථාවේදී ඉල්ලීම් සිදුකළ කොළඹ නගර සභාවේ කිසිදු ඉල්ලීමක්‌ හෝ පෙනී සිටීමක්‌ ඊයේ (28 දා) සිදු නොවීය.

RSL

Related Posts