චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් බිලියන 2 ක්
මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන චීන යුවාන් මිලියන 400ක ආධාර මුදලට අමතරව, 2018 – 2020 කාලය සඳහා චීන යුවාන් බිලියන 2 ක ආධාර ලබා දීමට චීනය කටයුතු කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා පැවසීය. 16 වැනි දා, සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා …
Continue Reading
ඇමති දුමින්ද ඇයි සබීතාට බදු ගෙවන්නේ..?
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා ලබාගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතු බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි. එම පෙරමුණ විසින් ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව සඳහන් කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් …
Continue Reading
රජයේ සයිටම් යෝජනා ජනපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ නිසා රට තුළ ඇති වී තිබෙන අර්බුදය විසඳීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඊයේ (15 දා) ඉල්ලා සිටියේය. මෙම විසඳුම් යෝජනාවලියෙන් ඉදිරිපත්ව ඇති කරුණු මීට පෙර අභියාචනාධිකරණ නඩුවේදී ඉදිරිපත් නොවූ බවත් එහෙයින් එම යෝජනා ඉදිරි කටයුතු සඳහා …
Continue Reading
මහ බැංකුවේ රහස්‍ය ලේඛනයක් කොමිසම හමුවේ දිගහැරෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුව සතු රහස්‍ය ලේඛනයක් කොමිසමට ඊයේ (15 දා) ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කොමිසම තුළ උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය. එහිදී රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා එම රහස්‍ය ලේඛනය මහ බැංකුවෙන් පිටවීම …
Continue Reading
“කළු කොඩි දානවා කියපු අය මහ රෑ මෝදි හමුවුනා” – ජනාධිපති
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස මහින්ද පිලේ මන්ත්‍රීවරු ජනතාවගෙන් ඉල්ලා සිටියද එහි ඇතැම් පිරිස් ඉන්දීය අගමැතිවරයා පැමිණි දින “රාත්‍රී එකොළහට ගොස්” ගොස් ඔහුව හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. “හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා. මම කිව්වා අනේ හම්බවෙන්න …
Continue Reading
දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන ගණනක පාඩුවක්
වෛස්රෝයි විශේෂ සුඛෝපභෝගි දුම්රිය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කර ඇති “J F ටුවර්ස් ඇන්ඩි ට‍්‍රැවල්ස් ලංකා පෞද්ගලික” සමාගමට කොළඹ කොටුව දුම්රිය ස්ථානය පරිශ‍්‍රයේ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිලි ඉඩ පහසුකම් ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 6648000/= ක මූල්‍යමය අලාභයක් සිදුකර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එමෙන්ම T – 1 – 515 දරණ සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කරවීම …
Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 100කට වැඩි ගාණක් වාහන බලපත්‍ර විකුණලා
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් සියයකට අධික පිරිසක් තීරු බදු රහිත තමන්ට හිමි වාහන බලපත්‍රය රුපියල් කෝටි 2කට ආසන්න මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම මේ වනවිට අල්ලසක් බවට පත්වී ඇතැයි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. දිසානායක මහතා පවසන්නේ ඩොලර් 62,500ක් වටිනා මෙම වාහන බදු සහිතව ගෙන්වූවා නම් තුන් …
Continue Reading
මීතොටමුල්ලේ දැරියන්ට දුන් තිසර පට ගැන පරීක්‍ෂණයක්! (Video)
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් දැරියන්හට ලබාදුන් තිසරපටවල තිබී සොයාගත් පෙති සහ ජෙල් වර්ගය සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස හෙළ බොදු සවිය සංවිධානය පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. විපතට පත්වුවන් රැඳී සිටින මීතොටමුල්ලේ පිහිටි වී ගබඩාවට පසුගිය 27 දා පැමිණි කාන්තාවක් පාසල් වයසේ දැරියන් පමණක් තෝරගෙන මෙම තිසර පට බෙදා දී තිබිණි. ඒවා ලබාගත් දැරියන් එම තිසර පට සේදීමට …
Continue Reading
ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධාන 49ක සහය ආණ්ඩුවට අහිමිවෙයි!
තවදුරටත් ආණ්‌ඩුවට සහාය දෙන්නේද නැතිද යන්න තීරණය කිරීම සඳහා ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් සිවිල් සංවිධාන 49 ක් අද (15) රැස්‌වී තීරණයක් ගැනීමට නියමිතය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු මෙම සංවිධාන 49 ඉකුත් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා ගිවිසුම්ගතව පූර්ණ සහාය දැක්‌වීය. බලයට ඒමට පෙර ආණ්‌ඩුව පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි …
Continue Reading
ආණ්ඩුවටත් හොරෙන් ඉන්දීය අගමැති මෝදි සමඟ මහින්ද, ගෝඨා කළ රහස් සාකච්ඡාවේ රහස් පිටවෙයි (Exclusive)
ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නිල ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කළ ඉල්ලීමක ප්‍රතිථලයක් වශයෙන් පෙරේදා (11 දා) රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ න්‍යාය පත්‍රයෙන් බැහැරව සිදුවු මෙම රහස් සාකච්ඡාව සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා …
Continue Reading