පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 100කට වැඩි ගාණක් වාහන බලපත්‍ර විකුණලා

Spread the love

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් සියයකට අධික පිරිසක් තීරු බදු රහිත තමන්ට හිමි වාහන බලපත්‍රය රුපියල් කෝටි 2කට ආසන්න මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම මේ වනවිට අල්ලසක් බවට පත්වී ඇතැයි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. දිසානායක මහතා පවසන්නේ ඩොලර් 62,500ක් වටිනා මෙම වාහන බදු සහිතව ගෙන්වූවා නම් තුන් කෝටි තිස් ලක්ෂයක බදු මුදලක් භාණ්ඩාගාරයට ලැබීමට අවස්ථාව තිබූ බවත් මන්ත්‍රිවරුන්ගේ මහජන සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යෑමේ පහසුවට මෙලෙස තීරු බදු රහිත වාහන ගෙන්වීමට රජය කටයුතු කර ඇති බවත්ය.

මන්ත්‍රිවරුන්ට වරප්‍රසාදයක් ලෙස තීරු බදුවලින් නිදහස්ව ගෙන්වා ඇති වාහන වැඩි ප්‍රමාණයක් ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වාහන වන අතර රජය තීරු බදු රහිත බලපත්‍ර යන සහනය සලසා ඇති අවස්ථාවකත් එහි වාසිය නොගෙන බලපත්‍රය විකුණා දැමීම වැරැදි ක්‍රියාවක් බවත් එය දැවැන්ත මුදල් අපහරණ ක්‍රියාවලියක් බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

හෙතෙම වැඩි දුරටත් පැවසුවේ තම පක්ෂයේ පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ කිසිදු මන්ත්‍රිවරයෙක් තමාට ලැබෙන වාහන බලපත්‍රය විකුණා නොමැති බවත් මේ වන විටත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන් බොහෝ පිරිසක් එකී බලපත්‍රය ලබාගෙන නොමැති බවත්ය.

RSL

Related Posts