අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසිය දා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට රිංගූ බව පිළිගනී

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය. එදින දෙවරක්‌ තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බවද පළමු වර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ 2015.02.27 දින උදේ 11.00 ට පමණ බවද මහේන්ද්‍රන් …

Continue Reading

රතුපස් වල සිද්ධිය යට ගැසීමේ තවත් සැලැස්මක්!

පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදු වූ බව කියන ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයා වෙත යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දන්වා ඇත. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් …

Continue Reading

21 වනදා සයිටම් විරෝධී ජන පවුරට ජාතික වෘත්තීය සමිතිවල පූර්ණ සහය

හෙට (21) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට සහාය ලබා දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහතින් පල වේ. රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු ! සැප්.21 සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට අපගේ සහාය! …

Continue Reading

සිල් රෙදි වංචාවට වරදකරුවන් වූ ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස්!

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් …

Continue Reading

20 වන සංශෝධනයේ ව්‍යවස්ථාවට අනූකූල නැති වගන්ති ඉවත්වෙයි!

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ(19) දැනුම් දෙනු ලැබීය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(19) පාර්ලිමේන්තුවට දැනුම් දුනි. ව්‍යවස්‌ථා සංශෝධනය 2,3 සහ 4 වැනි …

Continue Reading

මහේන්ද්‍රන් සැලසුම් සහගතව දුරකථන දෙකක මාස 11 ක දත්ත අතුරුදන් කර ඇති බව හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ජංගම දුරකථන දෙකේ මාස 11 ක පමණ කාලයකට අදාළ දත්ත අතුරුදන් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට අනාවරණය කළේය. කොමිසමේ විමර්ශනයට ලක්‌වන කාලයට අදාළව මේ දත්ත අතුරුදන් වී ඇති බව ද මේ දුරකථන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට …

Continue Reading

ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාවත්, ආර්ථිකයත් ගොඩනැගීම අපේ අරමුණයි- ජනපති එක්සත් ජාතීන්ට කියයි

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුථ ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සදහන් කළේය. ජාතික සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදි ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසදුම් බලාපොරොත්තු වුවද වසර 30 කට ආසන්න කාලයක් …

Continue Reading

‘මොකද වුණේ..?’ හිලරි පොතක් ලියයි

‘ගැහැනියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා කියලා පියවරු, සැමියන්, රැකියාවේ නියුතු ගැහැනුන්ගේ හාම්පුතුන් සහ තරුණියන්ගේ පෙම්වතුන් කළ බලපෑම් නිසා අමෙරිකාවේ ගැහැනුන් පුදුමාකාර පීඩනයකට අහුවෙලයි හිටියේ.‘ පසුගිය වසරේ පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව හිලරි ක්ලිටන් ඊයේ පෙරේදා නිකුත් කළ සිය අලුත්ම පොතේ එසේ සඳහන් කරයි. ‘මොකද වුණේ…‘ නමින් පිටු 502කින් සමන්විත හිලරිගේ මේ අලුත්ම කෘතිය …

Continue Reading

මියන්මාර් සරණාගත ගැටලුව සම්බන්ධයෙන් රජය ක්‍රියාකර ඇති ආකාරය

මියන්මාර් සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය විසින් දිගු කලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ ක්‍රියාකොට ඇති අතර නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටාදක්වමින් එම නිවේදනය නිකුත්කොට තිබේ. එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳ අප …

Continue Reading

මහා මණ්‌ඩල සැසියේ ජනාධිපති දේශනය අද

එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 72 වැනි සැසිවාරය අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19 දා) සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතය. නිව්යෝර්ක්‌ නුවර ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. “ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක්‌ මත සැමදෙනා හට වැදගත් ජීවිතයක්‌ සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම” තේමාව යටතේ එක්‌සත් …

Continue Reading