ඥානසාර හිමි යළි තඟ දමයි

බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (19) දහවල් නාරම්මල මැදගොඩදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ජ්‍යේෂ්ඨ පුවත්පත්කලාවේදී සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කර තිබේ. ඥානසාර හිමියන් මෙම තර්ජනය කර ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම මහතා එහි ගොස් සිටි අවස්ථාවේදීය. “තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා..” යැයි …

Continue Reading

කිසිඳු ඉන්ධන හිඟයක් නෑ; බොරුවට බිය නොවන්න

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බව එතුමන් ප්‍රකාශ කළේය. එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් …

Continue Reading

අගමැති අද බැඳුම්කර ජනාධිපති කොමිසමට

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්‍ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍අද (20) පෙනී සිටියි. එම කොමිසම ඉදිරියේදි තමා පිළිබඳව සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරීමට සුදානම් බවට අගමැති වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබිණි. ධූරය දරමින් සිටියදි අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත සාක්කි දිම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය …

Continue Reading

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ. ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා …

Continue Reading

කෝප් කමිටුවේ 05ක් අර්ජුන් ඇලෝසියස් සමඟ කළ රහස් සාකච්ඡා CIDය කොමිසමට හෙළිකරයි

කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ සාක්ෂි විමසීමේදී මේ බව අනාවරණය වී ඇත. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් ඇතුළත් විශ්ලේෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමිසම …

Continue Reading

ඡන්දය තවත් කල් යයි!

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා නිකුත් වූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. කොළඹ, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය …

Continue Reading

එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට

ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය. මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය …

Continue Reading

‘නාන-සාර’ වර්ගයාට සහ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක්

බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටා සිටි බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(15) නියෝග කළේය. අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට …

Continue Reading

ආයෝජිකයින්ට 200% ක සහන සමඟින් කෝටි 500 ක් දෙනවා – අගමැති

ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා රුපියල් කෝටි 500 ක් වෙන් කර ඇති බවත් කාරණා තුනක් මුල් කර ගනිමින් එම කටයුත්ත සිදු කරනු ලබන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී Index South Asia 2017 වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පළමු කාරණය ලෙස දේශීය ආදයම් පනත මඟින් සියයට 200 …

Continue Reading

එජාපයට පැන්න ප්‍රබලයෝ පිරිසක් යළි පනින්න සැරසෙති

පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට දේශපාලන පිහිට පතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවී ‘අලියා’ ලකුණින් තරඟ වැඳුණු පිරිසක් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් …

Continue Reading