ප්‍රහාරය සඳහා පැමිණි වාහනයේ තවත් බෝම්බ..! ආරක්ෂක අංශ සොයාගනී.. (Video)
කොළඹ කොච්චිකඬේ පල්ලිය අසල ජම්පටා වීදියේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්පක‍්‍රිය අංශය විසින් මෝටර් රථයක් තුළ තිබූ බෝම්බයක් සාර්ථක ලෙස නිෂ්ක‍්‍රිය කර ඇතැයි පොලීසිය පවසයි බෝම්බය නිෂ්ක‍්‍රිය කිරීම සමග ඇති වු පිපිරීමෙන් සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ. මෙය ඊයේ ප්‍රහාරය සඳහා පැමිණි අයවලුන් පැමිණි වාහනය බවට මේ වන විට සැක පළ …
Continue Reading
මාකඳුරේ මඳුර් සමඟ කොටු වූ තවත් දරුණු ගණයේ අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගත් මෙහෙයුම (වීඩියෝ)
මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධි රැසක සැකකරුවකුද වූ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේදී අද(28) අත්අඩංගුවට ගැනුණි. පොලිසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් කටුනායකදී මාලදිවයිනට පැනයාමට සැලසුම් කර තිබූ බවයි. පැය කිහිපයක් පුරා සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී ඔහු රහස් පොලිස් නිලධාරීන් හමුවේ හඬාවැටී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ ඩුබායිහී ජුමෙයිරා මරීනා …
Continue Reading
නාවික හමුදා STF විශිෂ්ට මෙහෙයුමකින් දකුණු මුහුදේදී කුඩු නැවක් අත්අඩංගුවට
හොරොයින් ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් දකුණු මුහුදු තීරයේදී නාවුක හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. මේ සමගම ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්දවයි. නෞකාවේ තිබී හොරොයින් කිලෝ 600ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලිසිය කියයි. දැනට සොයාගෙන ඇති හෙරොයින් …
Continue Reading
STFමෙහෙයුමකින් මධුෂ්ගේ මැනේජර් වූ ‘කැවුමා’ගේ නිවසකින් හෙරොයින් කිලෝ 161 සහ ජීව උණ්ඩ 5000ක්
ශ්‍රී ලංකාවේ දරුණුතම අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගේ කළමනාකරු ලෙසට සඳහන් දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ වැටලීමකදී එම මත්කුඩු තොගය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ නිවස මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ …
Continue Reading
දෙමටගොඩ චමින්දගේ ලොකු අයියා ඇතුළු 9ක් පිස්තෝල-කුඩු සමඟ අල්ලයි
පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා සමඟ පාකිස්තාන ජාතික යුවළක් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි. දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් වැටලීමේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද සිටින බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදු කරන ලද …
Continue Reading
කොකේන්, ගිනි අවි, මුදල් සහ වාහන සමග දෙමටගොඩ රුවන් ඇතුළු පාතාලයේ 8ක් STF දැලේ
පාතාල කල්ලි නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ සොහොයුරු ‘දෙමටගොඩ ‘රුවන්’ සහ කාන්තාවන් 3 දෙනකු ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලියක සාමාජිකයන් 8 දෙනකු ගිනිඅවි සහ කොකේන් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙමටගොඩ බෝධිරාජ මාවතේදී ඊයේ (28 ) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී දෙමටගොඩ රුවන් ඔහුගේ පුත‍්‍රයා, පාකිස්තානුවකු, කාන්තාවන් තිදෙනකු සහ තවත් පිරිමින් තිදෙනකු අත් අඩංගුවට පත්ව ඇත. පොලිස් …
Continue Reading
ජනපති මෛත්‍රී කසිප්පුවලට එරෙහි සංහාරක මෙහෙයුමක් අරඹයි
ගමේ ජනතාවත් රටේ ජනතාවත් සම්පූර්ණයෙන්ම කසිප්පුවලින් නිදහස් කරගැනීම සඳහා වන “කසිප්පු සංහාරක මෙහෙයුම” අද හෙටම ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසීය. මේ යටතේ ගම්වලට පවත්වාගෙන යන කසිප්පු තිප්පලවත් වටලා ඉවත් කිරීමට අදාළ පොලිස් බල ප්‍රදේශ භාර පොලිස් ස්ථාධිපතිවරුන්ට යම් කාලසීමාවක් ලබාදෙන අතර එම කාලසීමාව ඇතුලත අදාළ කාර්යය ඉටුකිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා …
Continue Reading
අපරාධ සහ ජාවාරම්කරුවකු වන මධුෂ්ගේ ගිණුම් 23 ක කෝටි 1000 ඉක්මවූ මුදල්! රටපුරා වත්කම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත විශේෂ කාර්යය බලකාය සමඟ ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ බැංකු ගිණුම් 23 ක රුපියල් කෝටි 1000කට වැඩි මුදලක් ඇතැයි පොලිසිය සදහන් කරයි. මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරමින් පවතින විශේෂිත විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ. ඩුබායි සහ වෙනත් රට වල ඇති බැංකු ගිණුම් වල විස්තර ලබා ගැනීම …
Continue Reading
පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළුව 25ක් අත්අඩංගුවට පත් අද්විතීය STF මෙහෙයුම!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුමේ ප්‍රතිථිලයක් ලෙස පාතාලයේ ප්‍රධාන පෙලේ නායකයෙකු වන“මාකඳුරේ මධූෂ්” ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මෙම අද්විතීය මෙහෙයුම සඳහා බුද්ධි අංශ, මත්ද්‍රව්‍ය නාශක අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස්ද කලක් තිස්සේ …
Continue Reading