පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළුව 25ක් අත්අඩංගුවට පත් අද්විතීය STF මෙහෙයුම!

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුමේ ප්‍රතිථිලයක් ලෙස පාතාලයේ ප්‍රධාන පෙලේ නායකයෙකු වන“මාකඳුරේ මධූෂ්” ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය.

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මෙම අද්විතීය මෙහෙයුම සඳහා බුද්ධි අංශ, මත්ද්‍රව්‍ය නාශක අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස්ද කලක් තිස්සේ රැකවලා සිට ඇතිබවට වාර්තාවේ.

මෙහිදී තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 24 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හිදී සංවිධානය කර තිබූ උත්සව සාදයක් අතරතුර මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් අතර කෙසෙල්වත්තේ දිනුක සහ කංජිමාන් ඉම්රාන් නැමැති පුද්ගලයින් දෙදෙනා ද වන බව වාර්තා වේ.

මෙරට සිදුවූ අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අවශ්‍ය සිටි පුද්ගලයෙකු වන සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් ආරක්ෂක අංශවලින් මිදී පසුගිය කාලය පුරා විදෙස් රටක වාසය කළේය.

කෙසේවෙතත් ඔහු අවස්ථා කිහිපයකදී දිවයිනට පැමිණ ඇති බවට ද වාර්තා පල විය.

RSL

Related Posts