STFමෙහෙයුමකින් මධුෂ්ගේ මැනේජර් වූ ‘කැවුමා’ගේ නිවසකින් හෙරොයින් කිලෝ 161 සහ ජීව උණ්ඩ 5000ක්

Spread the love

ශ්‍රී ලංකාවේ දරුණුතම අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගේ කළමනාකරු ලෙසට සඳහන්
දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී
හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ වැටලීමකදී එම මත්කුඩු තොගය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ නිවස මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන  “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාට අයත් බවට සැලකෙයි.

එහිදී ටී.56 උණ්ඩ 5000 කට අධික තොගයක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Loading...

RSL

Related Posts