යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට!

අද දින (30) උදෑසන අපරාධ මූල්‍ය කොට්ඨාසය මගින් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ඒ සී.එස්.එන් නාලිකාව සම්බන්ධ මූල්‍ය ගනුදෙනු හේතුවෙනි. බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් යෝෂිතව බාරදෙන ලෙස නාවික හමුදාවට දන්වා ඇති බවද එම වාර්තා සඳහන් කරයි. රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග යන අයගෙන් ද ප්‍රශ්න කෙරන බව …

Continue Reading

තරුණ ජනමාධ්‍යවේදියෝ විරෝධය පළ කරති

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සම්බන්ධ නඩු විභාගය අවස්ථාවේ දී හෝමාගම අධිකරණයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. පහත පළවන්නේ එය යි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැණ වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා …

Continue Reading

ඥානසාර හිමි අත්අඩංගුවට!

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (25) හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග විය. මෙම හිමිනම උසාවි භූමියේ දී ම, ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. අධිකරණයට …

Continue Reading

තවමත් ශිරන්තිටම ගිය රට!

විමල් වීරවංශ නිවාස ඇමැතිව සිටි සමයේ සිය අම්මාගේ අප්පාගේ බූදලයෙන් මෙන් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ හෙන්චයියෙකුට දුන් මත්තේගොඩ සුපිරි නිවස පිළිබඳ ව ප්‍රකාශයක් ලබා ගැනීමට අද ඇයට බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිය යුතු බව දන්වා තිබිණි. ඒ බව මීට දින කිහිපයකට උඩ දී අප වාර්තා කළ අතර වැඩිදුරටත් අප කියා සිටියේ ඇය මෙවර ද නොපැමිණීමට ඇති ඉඩ …

Continue Reading

ඇමති රාජිත පුත් චතුර සේනාරත්නට ඇප!

චතුර සේනාරත්න යනු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ පුත්‍රයා ය. පසුගිය කාලයේ මහින්ද රජය එළවන ජනබලවේග මැදින් ආකාස්මිකව මතු වුණු චතුර ඒ බලවේගයන්ගේ මතු වීමේ වාසිය තම පෞද්ගලික බල වුවමනාව වෙනුවෙන් යොදා ගත්තේ ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙක් වුණේ ය. ඇත්ත වශයෙන් ම චතුර යනු එක්තරා ශබ්දයක් මිස සාරයක් සහිත දේශපාලන චරිතයක් නොවන බව දේශපාලනයේ අයන්න දන්නා කවුරුත් පාහේ දනිති. ශබ්ද කිරීම …

Continue Reading

ස්ත්‍රී අතවර චෝදනා ලද ආබෘෘගේ‍ පෙත්සම ඉවතට!

ගිනි අවියක් පෙන්වා තම නිවසේ මෙහෙකාරියට අතවර කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ විසින් එය නීති විරෝධී යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ම ඉවත් කර දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. සරත් ආබෘෘ සම්බන්ධ මෙම සිද්ධිය පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන්හි එතරම් කතා බහට ලක් නොවුණත් විකල්ප මාධ්‍ය විසින් මතු කරනු …

Continue Reading

ජීවත් වෙන්න රස්සාවක් ඇත්තෙ ම නැත්නම්?

අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ. මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කමයි විතරක් ඉතුරු වුණොත් මම නං පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම දිහා හැරිලවත් බලන්නෙ නැතුව තෝර ගන්නවා සක්කිලි රස්සාව. මොන …

Continue Reading

ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් නුදුරේ?

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කෙරුණු ලද බරපතළ මූල්‍ය අපරාධ සහ ඝාතන ආදී වෙනත් බරපතළ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව යහපාලන ආණ්ඩුව බලයට ඒමේ මූලික කොන්දේසියකි. එකී අපරාධයන්ට එරෙහිව කටයුතු කිරීමේ දී වූ ප්‍රමාදයන් සහ සමහර චෝදනාවන්ට ලක් වූවන් වෙත දක්වන ලද අනුග්‍රහයන් ගැන විවිධ විවේචන ද ආණ්ඩුව විෂයෙහි එල්ල වෙමින් තිබුණි. දැන ගන්නට ලැබෙන පරිදි මෙකී බොහෝ …

Continue Reading

මේ වතාවෙත් නයා එයි ද?

රෝහිත සල්ලි කෑව බව අල්ලස් කොමිසම කිව්වේ ය. කොමිසමට එන්න කිව්ව විට නයා කෑව බව රෝහිත කිව්වේ ය. මේවා සිදු වුණේ මහින්ද රාජපක්ෂගේ ආශ්චර්ය ආණ්ඩු සමයේදී ය. ඒ අල්ලස් කොමිසමෙන්ම යළිත් රෝහිතට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ වසර දෙකක දී අල්ලස් මගින් ලක්ෂ 412ක් උපයා ගත්තා කියන චෝදනාවට ය. මේ වතාවේ රෝහිත කන්නේ මොන නයා දැ යි අපි දන්නේ …

Continue Reading

හිටපු පොල් ඇමති බිරිඳට ඉඩම් අක්කර 45ක් දීලා!

මහින්ද රාජපක්ෂ රජයේ පොල් ඇමතිවරයා වූ හිටපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරට දූෂණ චෝදනා යටතේ නුදුරේ දී ම නඩු පැවරෙන බව බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග සනාථ කරයි. පොල් සංවර්ධන ආයතනය යටතේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාසයේ ඇති අක්කර 45ක ඉඩමක් වංචනිකව තම බිරිඳගේ නමට ලබා දීම සහ එහි පොල් වගා කර දීම ඔහුට විරුද්ධව ඇති ප්‍රධාන චෝදනාව බව පැවසෙයි. විමර්ශන …

Continue Reading