ස්ත්‍රී අතවර චෝදනා ලද ආබෘෘගේ‍ පෙත්සම ඉවතට!

Spread the love

sarth abrewගිනි අවියක් පෙන්වා තම නිවසේ මෙහෙකාරියට අතවර කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ විසින් එය නීති විරෝධී යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ම ඉවත් කර දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

සරත් ආබෘෘ සම්බන්ධ මෙම සිද්ධිය පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන්හි එතරම් කතා බහට ලක් නොවුණත් විකල්ප මාධ්‍ය විසින් මතු කරනු ලැබූවකි. නීතිය ක්‍රියාත්මක කරන්නන්, යුක්තිය පසිඳලන්නන් විසින් සම්බන්ධ මෙවැනි සිදුවීම් බොහෝ ගණනක් සිදුවුව ද ඒ ගැන ක්‍රියාමාර්ග නොගැනීම පසුගිය රජය සමයේ තිබුණු බරපතළ දුර්ලක්ෂණයකි. සරත් ද ආබෘෘ සම්බන්ධ මේ සිදුවීම පමණක් නීතිය ඉදිරියට ආ අතර එය ද යටපත් කර තිබුණි. මේ විනිසුරුවරයා මෙවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මැදිහත්ව ඇති බව පසුගිය වකවානුවේ විකල්ප පුවත්පතක් වාර්තා කර තිබුණි.

මෙවැනි පුද්ගලයින් යුක්තිය පසිඳලන නීති ක්‍රමයක් කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය හැකි ද? අනෙක් අතට අධිකරණ කොමිසම විසින් මෙවැනි චෝදනා ලද විනිසුරන්ගේ වෘත්තීය තත්වය පිළිබඳව තීරණයක් ගත යුතු නොවේ ද?

RSL

Related Posts