විමල් වීරවංශ නිවාස ඇමැතිව සිටි සමයේ සිය අම්මාගේ අප්පාගේ බූදලයෙන් මෙන් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ හෙන්චයියෙකුට දුන් මත්තේගොඩ සුපිරි නිවස පිළිබඳ ව ප්‍රකාශයක් ලබා ගැනීමට අද ඇයට බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිය යුතු බව දන්වා තිබිණි. ඒ බව මීට දින කිහිපයකට උඩ දී අප වාර්තා කළ අතර වැඩිදුරටත් අප කියා සිටියේ ඇය මෙවර ද නොපැමිණීමට ඇති ඉඩ වැඩි බව යි.
ගියවර ප්‍රශ්න කිරීමක් සඳහා කොමිසම ඇය ළඟට ගිය අතර මෙවර ඇය වෙන දිනයක් ඉල්ලා ඇත. රාජපක්ෂ ජුන්ටාව බලයේ සිටි සමයේ රාජපක්ෂවරු සිටියේ නීතියේ ආධිපත්‍යය සීමාවෙන් එපිට ය. යහපාලනය බලයට පත් වූයේ එයට ජනතාව අකමැති වූ නිසා ය.
කෙසේ වෙතත්, දැන් කියා වෙනසක් නැති බව මේ සිද්ධිවලින් පෙනෙන්නේ ය.
තවමත් ශිරන්තිට ම ගිය රට ය!
Loading...