කුප්‍රකට බැඳුම්කර වංචාවට එරෙහිව ජනපති දැඩිව ක්‍රියාත්මක වෙයි
වත්මන් යහපාලන රජය යටතේ මහබැංකුවේ සිදුවූ කුප්‍රකට බැදුම්කර වංචාව ගැන සොයා බලා එයට සම්බන්ධවූවන් අධිකරණය හමුවට කැදවීම සදහා ක්‍රියා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත. අද උදෑසන නීතිපතිවරයා අමතා ඇති ජනාධිපතිවරයා මෙම කොමිසම සකස් වියයුතු ආකාරය හා එහි සංයුතිය පිළිබද නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා නීතිපතිවරයාට අවධාරණය කර ඇත්තේ විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව …
Continue Reading
CID ප්‍රශ්න කිරීම් හමුවේ ෆීල්ඩ් මාර්ෂල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (Video)
-
RSL
-
January 23, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට යුද හමුදාපතිවරයාව සිටි වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පසුගියදා (20) පැය 05ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. මෙම රහස් පොලිස් ප්‍රශ්න කිරීමත්, ලසන්ත ඝාතනයත් සම්බන්ධයෙන් ඊයේ පැවති සිරස සටන වැඩසටහනේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම ඝාතනයට වගකිව …
Continue Reading
තාජුඩීන්ගේ රථය ලුහුබැඳ ගියේ කවුරුන්ද..??
-
RSL
-
January 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මියයැමට පෙර ඔහුගේ වාහනය ලුහු බැඳ පැමිණි වාහනයේ සී. සී. ටී. වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමු කොට වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා ඊයේ (19 දා) නියෝග කළේය. තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සිද්ධියට අදාළව පරීක්‌ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කෙරෙහි …
Continue Reading
ජනපති මරන්න දත කෑ විජිත් රෝහණ විජේමුණියා රට පනී! (විශේෂ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 ජනවාරි මස 26 වනදා සිදුවන සෙනසුරු මාරුවට ප්‍රථම මරණයට පත්වන බවට අසත්‍ය ප්‍රචාරයක් සහ එමඟින් ජාතික ආරක්ෂාව අවදානකමට ලක්කිරීමට උත්සහ කළ කුප්‍රකට ජෝතිෂ්‍යවේදීයෙකු යැයි කියාගන්නා විජිත් රෝහණ විජේමුණි නැමැති අයවලා තම ඉලක්ක වැරදුනු හෙයින් විදෙස් ගත වීමට සැලසුම් කරමින් සිටින බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට සති කිහිපයකට ඉහතදී මොහු එක්තරා විදේශ තානාපති කාර්යාලයක් …
Continue Reading
නව ව්‍යවස්‌ථාවෙන් 13 ට එහා ගිය බලය බෙදීමක් !
-
RSL
-
January 19, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් අවශ්‍ය බවට එදා මහින්ද රාජපක්ෂ මහතා විසින් දුන් පොරොන්දුව වත්මන් රජය ඉටු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.උතුරේ ප්‍රශ්නයට තේරීම් කාරක සභාවෙන් ලබාදෙන ඕනෑම විසඳුමක් පිළිගැනීමට එදා මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටි බව ද හෙතෙම කීවේය. යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල …
Continue Reading
මහින්දගෙන් බන්දුලට වාරණයක්!
ඒකාබද්ධ විපක්ෂය මඟින් ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී බී.බී.සි.යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අරාජිකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තාවකාලික වාරණයක් පනවා මාධ්‍ය වාරණයක් පනවා ඇත. පසුගිය කාලය පුරාවට බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවලදී පිළිඹිබු කළ අසාර්ථකත්වයත්, ඊයේ දිනයේ මුහුණදුන් දුර්වලතාවයත් හේතුවෙන් බන්දුලව ටික දිනකට මාධ්‍ය හමුවලින් ඉවත් කොට විවේක …
Continue Reading
පාඨලීගේ කාලේ බිලියන 1.2ක ගල් අගුරු හොරකම! (Video)
වහා ක්‍රියාත්මක වන පරිදි ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඊයේ (17) විසුරුවා හැර තිබේ. 2009 – 2016 දක්‌වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්‌ති පිළිබඳ අධීක්‍ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු නිර්දේශ හා නිගමන සැලකිල්ලට …
Continue Reading
ජනපති අනින් හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවයි
-
RSL
-
January 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස් දී ඇතැයි වාර්තාවේ. එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය සහ ඊට ලබාදුන් සහන ගැන මතුව ඇති ඇතැම් ප්‍රශ්න හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත. මෙම කම්හල ඉදිකිරීමේ කටයුතු සඳහා …
Continue Reading
SAITMහි නීත්‍යානුකූලභාවය ගැන වෛද්‍ය සභාවෙන් ප්‍රශ්න කරයි
-
RSL
-
January 18, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ(17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් හමු වී මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු නියෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් …
Continue Reading
මංගලගේ සිහිනය ජනපති බොඳ කරයි
ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (17) පැවසීය. ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ …
Continue Reading