සයිටම් විරෝධී පා ගමන මර්දනයට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට කොටුව දෙසට ගමන් කිරීමට නියමිත පා ගමනක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය සිදු කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් මෙම පා ගමන සංවිධානය කර ඇති බවය. එම පා ගමන සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය …
Continue Reading
බදු නොගෙවා සුපිරිම ජීවිත ගතකරන්නේ අපේ හාමුදුරුවරු – පූජ්‍ය වනවාසී රාහුල හිමි
-
RSL
-
June 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විහාර දේවාලගම් පනත සංශෝධනයට ලක් කර ඉපැරැණි විහාරස්ථානවලට ලැබෙන ආදායම් රජයට ලබාගෙන එමඟින් අරමුදලක් ඇති කොට නොදියුණු විහාරස්ථාන දියුණු කිරීමටත්, භික්‍ෂුන් වහන්සේලාගේ සහ බෞද්ධයන්ගේ සුබසිද්ධිය සඳහා යෙදවීමටත් කටයුතු කරන ලෙසටත් තමන්වහන්සේ ආණ්ඩුවට විවෘත යෝජනාවක් කරන බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති. පසුගිය 25 වැනිදා පෙරවරුවේ අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. …
Continue Reading
සමූහ දූෂණය කොට ඝාතනය කළ විද්‍යා ශිෂ්‍යාවගේ ඝාතන නඩුව අද අරඹයි
ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද (28) යාපනය මහාධිකරණයේ දී ආරම්භ වෙයි. මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් එලන් චෙලියන් මහත්වරුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට අයත් වෙති. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් මැයි 22 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් කළේය. මේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් …
Continue Reading
කුප්‍රකට සයිටම් නෙවිල් ජනාධිපති කාර්යාලයේ සිට ජනපතිට තඟ දමයි (Video)
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ මුදලාලි තැන්පත් කුප්‍රකට නෙවිල් ප්‍රනාන්දු නැමැත්තා අද (27) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යැ’යි පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාට තඟ දමමින් තුට්ටු දෙකේ පාදඩ මැරයෙකු ලෙස හැසිරෙන අයුරු සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මෙහිදී ජනාධිපතිවරයාගේ නියෝග තමන් පිළිනොගන්නා බවත්, එම නීති තමාට අදාළ නොවන බවත්, සයිටම් විරෝධී වෛද්‍යවරු මුහුදේ ගිල්ලවා …
Continue Reading
ලෝක සම්මතය විනාශ කරමින් රෝගී ජීවිත බිලිගන්නා ඇමති වියරුව..
නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී. මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ. වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම ලෝක සම්මතය ආරක්ෂා කිරීමයි. නමුත් ශ්‍රී ලංකාව තුළ අද “සයිටම් අර්බුදය” ඇතිවීමේ මූලිකම හේතුව මෙම ලෝක සම්මතය බිඳ වැටීමයි. එම …
Continue Reading
අද කොළඹ උද්ඝෝෂණ වලට අධිකරණය නියෝගයක්!
-
RSL
-
June 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව හා විපක්ෂව අද (27) පැවැත්වීමට නියමිතව පැවති උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ ව්‍යාපාර 3ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට පොලීසිය විසින් අධිකරණයට ගොනු කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ. …
Continue Reading
රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට හිමි තැන සුරකින බවට ඇමති රවීගෙන් මහා නාහිමියන්ට සහතිකයක්
රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම සුරක්ෂිත වනසේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ජත්‍යන්තරය හා ගනුදෙනු කරන බව විදේශ කටයුතු ඇමැති රවී කරුණනායක මහතා පැවසුවේය. මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ ඇමැතිවරයා මහ නාහිමියන් හමුවෙහි මේ අදහස් ප්‍රකාශ කළේය. පසුගිය දෙවසරක කාලය තුළ …
Continue Reading
කෘෂිකර්ම ගොඩනැඟිල්ලට කෝටි 600ක් වතුරේ
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වසරකට රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදලක්, මහජන මුදලින් බදු ගෙවමින්, ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇති ගොඩනැඟිල්ලට රජයේ මුදල් නිකරුණේ වැය කිරීමට එරෙහිව, එම ක්‍රියාවට සම්බන්ධ සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි. මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මෙම ගොඩනැඟිල්ල සඳහා රුපියල් කෝටි හයසියයකට ආසන්න මුදලක් ගෙවා ඇති බවත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන, හිස් ගොඩනැඟිල්ලක් සඳහා එසේ …
Continue Reading
ඇමති මලික් කරුංකා ජාවාරමක; බදු වෙනුවට කොමිස් ගිලියි! (විශේෂ)
රම විසින් රටට රුපියල් කෝටි ගණනක් අහිමි කරමින් කරුංකා ජාවාරමක් සිදුකරගෙන යන බවට කරුණු අනාවරණය වේ. මොවුන් මෙම කරුංකා ජාවාරම සිදුකරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට මුවා වී ශ්‍රී ලංකා රේගුව ඇතුළු අනෙකුත් ආයතනවල ව්‍යාජ තොරතුරු ලබාදෙමින් බවට සඳහන්. කුප්‍රකට ජාවාරම්කාර ශෂිදරන් මුරලිදරන් විසින් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන කරුංකා වරාය තුලදීම එම …
Continue Reading
සේවක ඉල්ලීම් ලැබෙන තෙක් තැපෑල අද සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සේවකයන් අද (27) සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. ගාලු කොටුව, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විදේශිකයන්ට විකිණීම නතර කිරීම සහ වසර දහයක් තිස්‌සේ නොවිසඳුණු තැපැල් සේවක පරිපාලන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලකිරීම මෙම වැඩ වර්ජනයේ අරමුණ බව හෙතෙම කීය. තැපෑල …
Continue Reading