ඇමති මලික් කරුංකා ජාවාරමක; බදු වෙනුවට කොමිස් ගිලියි! (විශේෂ)

Spread the love

රම විසින් රටට රුපියල් කෝටි ගණනක් අහිමි කරමින් කරුංකා ජාවාරමක් සිදුකරගෙන යන බවට කරුණු අනාවරණය වේ.

මොවුන් මෙම කරුංකා ජාවාරම සිදුකරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට මුවා වී ශ්‍රී ලංකා රේගුව ඇතුළු අනෙකුත් ආයතනවල ව්‍යාජ තොරතුරු ලබාදෙමින් බවට සඳහන්.

කුප්‍රකට ජාවාරම්කාර ශෂිදරන් මුරලිදරන් විසින් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන කරුංකා වරාය තුලදීම එම කන්ටේනර් පෙට්ටි වලින් වෙනත් කන්ටේනර් පෙට්ටිවලට පටවා ඉන්දියාවට සහ ප්‍රති අපනයනය කරන්නේ ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කරුංකා බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කරමිනි.

මෙලෙස සිදුකරන කරුංකා ජාවාරමේ එක් කන්ටේරනයකින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයෙකු මෙන්ම කුප්‍රකට ව්‍යාපාරික ජාවාරම්කරු වන ශෂිදරන් මුරලිදරන් උපයන අවම ශුද්ධ ලාභය රුපියල් මිලියනයකට අධිකය. මසකට අවම වශයෙන් කන්ටේනර් 100 කට අධික ප්‍රමාණයක් මෙම ජාවාරම හරහා ප්‍රති අපනයනය කරනු ලබයි.

මෙලෙස රටට අහිමිව යන බදු මුදල් අය කරගැනීම සඳහා පසුගිය වසර දෙක තුලඳී ශ්‍රී ලංකා රේගුව, කෘෂිකර්ම අමාත්‍යංශයටත්, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශයට යන පරිදි බදු අයකරගැනීමේ ක්‍රමවේදයක් සකසා තිබූ අතර ඒ අනුව මෙම ජාවාරම්කරුගෙන් රජයට එක් කන්ටේනරයකින් රුපියල් ලක්ෂ 7 කට අධික මුදලක් බදු වශයෙන් අයකරගැනීම හැකිව ඇත. එහෙත් ව්‍යාපාරික ජාවාරම්කරු වන ශෂිදරන් මුරලිදරන් දැඩි උත්සහයක් දරා රජයේ බලවතෙකු වන කුප්‍රකට මලික් සමරවික්‍රම හරහා මෙම බදුවලින් කෘෂිකර්ම අමාත්‍යංශයටත්, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශයටත් යන බදු මුදල් කැබිනට් පත්‍රිකාවක් මඟින් ඉවත් කොට කන්ටේනරයකින් රුපියල් ලක්ෂ 2 ක් සහ මසකට රුපියල් ලක්ෂ 200 කට අධික මුදලක් නිදහස් කරදී ඇත.

මේ වන විට කුප්‍රකට අමාත්‍ය මලික් සරමවික්‍රමගේ ඉලක්කය වී ඇත්තේ මෙම ජාවාරමට වැට බඳිමින් එක් කන්ටේනරයකින් අයකරන රුපියල් ලක්ෂ පහක පමණ බදු මුදල් ශෂිදරන්ට නිදහස් කරදී තම කොමිස් කුට්ටිය වැඩි කරගැනීමයි. එයින් රටේ ජනතාවට අහිමි වන බදු මුදල රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වන අතර ඒවා මලික්ගේ ගිණුම්වලට බැර වනු ඇත. ඒ සඳහා මේ වන විට මෙම පිංගුත්තර කුප්‍රකට ඇමතිවරයා දැඩි උත්සහයක නිරතවෙමින් සිටී.

උපුටා ගැනීම

RSL

Related Posts