සේවක ඉල්ලීම් ලැබෙන තෙක්‌ තැපෑල අද සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක

Spread the love

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සේවකයන් අද (27) සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.

ගාලු කොටුව, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විදේශිකයන්ට විකිණීම නතර කිරීම සහ වසර දහයක්‌ තිස්‌සේ නොවිසඳුණු තැපැල් සේවක පරිපාලන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලකිරීම මෙම වැඩ වර්ජනයේ අරමුණ බව හෙතෙම කීය.

තැපෑල රැකගැනීම සහ තැපැල් සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම මිස ආණ්‌ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක්‌ මෙම වැඩ වර්ජනය මගින් අපේක්‍ෂා නොකරන බව ඒ මහතා පවසයි.

වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාලවල දේශීය හා විදේශීය ලිපි සහ පාර්සල් බෙදාහැරීම, එකතු කිරීම, බිල්පත් ගෙවීම, මුදල් ගනුදෙනු කිරීම ඇතුළු සියලුම සේවාවන් නවතින බවත් සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක්‌ වර්ජනය අඛණ්‌ඩව ගෙන යන බවත් චින්තක බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කීය.

RSL

Related Posts