මහින්දට අභයාරාමය තහනම් වෙයි

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කර ඇත. 2016 පෙබරවාරි මස ගොනුකර ඇති මෙම පැමිණිල්ල තුළින් අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන් …

Continue Reading

ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක්

බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි. ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ …

Continue Reading

BOI සභාපති නීතිඥ උපුල් ජයසූරිය ඉල්ලා අස්වූයේ කාගේ බලපෑමකින්ද..?

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට ජාතික ලැයිස්තු අමාත්‍යවරයෙකු වන මලික් සමරවික්‍රමගේ අනිසි අතපෙවීම් සහ බලපෑම් නිසාවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, මේවන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති …

Continue Reading

පොරොන්දු ඉටු නොකළොත් තැපෑල 19 දා සිට යළි වර්ජනයට

තැපැල් වෘත්තීය සමිති පෙරමුණට රජය විසින් ලබාදුන් ලිත පොරොන්දු සියල්ල සතියක්‌ ඇතුළත ඉටු නොකළහොත් මෙම මස 19 වැනිදා සිට නැවත රට පුරා තැපැල් වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. පැය 72 ක්‌ පුරා ක්‍රියාත්මක වැඩවර්ජනය තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් නවතා දමනු ලැබුවේ සති දෙකක්‌ ඇතුළත කැබිනට්‌ මණ්‌ඩලය වෙත කැබිනට්‌ පත්‍රිකාවක්‌ …

Continue Reading

මහින්දවත් අන්දවපු, ඒකාබද්ධයත් ගිලගත්තු, පොලු සක්විතියෙක්.. (විශේෂ)

ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ. ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය …

Continue Reading

කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි ඉහළම ආයෝජනයත් වාර්තාවේ

කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශ ආයෝජනය ඉකුත්දා වාර්තාවීම සතුටක් බව කොටස් වෙළෙඳ පොළ සභාපති රේ. අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. වසර 1992 දී විදේශිකයන්ට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීමට ලබාදුන් අවසරය නිසාම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළයෑම් ඇරඹිණි. ඒ අනුව එදා මෙදාතුර දෙවැනි ඉහළම ආයෝජනය රුපියල් බිලියන 22.8ක් ඉකුත් 10 වැනිදා වාර්තා කිරීම සුබ …

Continue Reading

වැඩ තහනමට ලක්වූ බැංකු අධ්‍යක්ෂක අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳම සහචරයෙක්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරූ අවදියේ තමාට ඔහු සමඟ ඇසුරක්‌ තිබූ බවත්, 2015 පෙබරවාරි 27 දා පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසුව ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමඟ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකු හමුවීමට ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම …

Continue Reading

දඹුලු විහාරයට ලෝක උරුමයෙන් ඉවත් විය හැකියි

දඹුල්ල විහාරයට ලෝක උරුමයෙන් ඉවත් වීමට වුවමනා නම් අස්ගිරිය මහා නාහිමි සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අදාළ ඇමැතිවරයා මගින් යුනෙස්කෝවට දැනුම් දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. දඹුල්ල ලෝක උරුමයේ පැවතිමට නම් සංරක්ෂණය කළ යුතු බවට යුනෙස්කෝව දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් 2017 අවසන් වීමට පෙර යුනෙස්කෝවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා විහාරය ලෝක …

Continue Reading

මීතොටමුල්ල ජීවිත අහිමි වූවෙකුට රු මිලියනක වන්දියක්

මීතොටමුල්ල කසළ කන්ද නායයාම හේතුවෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් එක් ජීවිත හානියක් සඳහා රුපියල් මිලියනයක් බැගින් වන්දි ප්‍රදානය කරයි. මෙම වන්දි ප්‍රදානය අද (ජූලි 11) සිදු කෙරුණේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ය. පසුගිය අප්‍රේල් 14 වැනිදා මීතොටමුල්ල කසළ කන්ද නාය ගිය අතර ඊට ගොදුරු වූ 32දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය මියගිය අයගේ පවුලේ ඥාතීන්ට වන්දි පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

සැප්තැම්බර් මස සිට ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම්

සැප්තැම්බර් මස සිටලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කෙසේ වෙතත්, ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප‍්‍රශ්නයක් බව තමන් පිළිගන්නා නමුත් ඒවා භාවිත කරන පාරිභෝගිකයින්ට විකල්පයක් රජය විසින් කඩිනමින් හදුන්වාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Continue Reading