වහින වැස්ස 12 තෙක්ම; ජලාශ පිටාර මට්ටමට

දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක්‌ අඛණ්‌ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්‌කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. වැසි ඇතිවනවිට තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු අනතුරු වළක්‌වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …

Continue Reading

කුප්‍රකට සරණ ගුණවර්ධන යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (4) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනාව යටතේය. ගුණවර්ධන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන අතරතුර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටෙන්ඩර් මණ්ඩලයේද සභාපතිවරයා …

Continue Reading

ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදු කළ බවට තමා දන්නා බව පැවසීම තුළ ම වසර 8ක් පුරා යුද අපරාධ වසන් කිරීම හේතුවෙන් මෙලෙස හිටපු …

Continue Reading

ෆීල්ඩ්මාෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගේ විරෝධය

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (03 දා) ඉල්ලා සිටියේය. එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය. පසුගිය …

Continue Reading

ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට හා දෙමාපියන්ට උපදෙස් නිකුත් කෙරේ

මෙම 20 වෙනි දින පැවැත්වෙන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා විශේෂ උපදෙස් මාලාවක් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කොට ඇත. ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දුපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි. ඒ සඳහා අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටින අතර එයින් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වේ.විභාග පරිපාලනය සඳහා …

Continue Reading

ආණ්‌ඩුවේ දූෂණ හෙළිවෙද්දී මගේ පවුලේ අය සීඅයිඩී එෆ්සීඅයිඩී ගෙන්වනවා – මහින්ද රාජපක්‍ෂගෙන් නිවේදනයක්‌

එම නිවේදනය මෙසේය. මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්‌ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්නය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස්‌ කරනු ලැබුවේ මන්ද යන්නයි. මේ …

Continue Reading

අන්තර් ජාල බද්ද 10%කින් අඩු කෙරේ; යතුරුපැදි – කුඩා ලොරි කැබ් බදුත් පහළට

අන්තර් ජාල සේවා සඳහා (දත්ත මත) පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටද රජය තීරණය කර ඇත. එසේම එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු යතුරුපැදි, කුඩා ලොරි රථ සහ සින්ගල් කැබ් රථ සඳහා අයකරන බදු මුදල් ඊයේ (17 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව එන්ජින් ධාරිතාව සීසී 150 ට වඩා අඩු …

Continue Reading

‘හෙට දකින රනිල්’ව ජනපති මෛත්‍රී අද විවෘත කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. “හෙට දකින රනිල්” නමින් නම් කර තිඛෙන ප්‍රදර්ශනය හෙට සිට 20 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ. ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය. …

Continue Reading

විජේදාස රාජපක්ෂ ගැන තීරණය අගමැති අතේ

අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පැවැති චෝදනා මුල් කොට ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේ හිමිකම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවැරීමට අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. පක්ෂයේ විනය ආරක්ෂා කරමින් පක්ෂය තුළ සමගිය තව දුරටත් ස්ථාපිත කිරීම පිණිස කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගත් බව …

Continue Reading

වාහන මිල අඩුවෙයි යතුරුපැදි මිල හරි අඩකින් පහලට අන්තර්ජාල සේවා බදු ඉවතට

එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. මේ …

Continue Reading