දැන් දිනන්න ලෑස්‌ති වෙන්න – ජනපති නව ශ්‍රීලනිප සංවිධායකවරුන්ට කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12) ප්‍රකාශ කර තිබේ. නව දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා (12) රාත්‍රී ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ඉදිරි මැතිවරණය නව …

Continue Reading

ව්‍යවස්ථා කි‍්‍රයාදාමයේ උඩ යට වැඩ (විශේෂ)

1978 සිට සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ ම මැතිවරණ ප‍්‍රකාශනවල අන්තර්ගත විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ලොව දිනන මඟ මහින්ද චින්තන” හී මෙය අඩංගු වූයේ …

Continue Reading

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදල ශක්තිමත් කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්, ජනපති අරමුදලට රුපියල් මිලියන 216ක මුදලක් 2017.10.10 දින එහි වත්මන් සභාපති එස්.ඒ.පී. සුරියප්පෙරුම මහතා විසින් ගරු ජනාධිපතිතුමන් වෙත බාර දෙන ලදි. පසුගිය කාලය තුලදී ලොතරැයි අලෙවියෙහි පසුබෑමක් තිබුණත් රටේ සංවර්ධනය සඳහා උරදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2016 සැපුගැම්බර් මස අවසන් වන විට ආදායම් බදු වශයෙන් රුපියල් මිලියන 1430ක් ඇතුළුව මුළු බදු ප්‍රමාණය වශයෙන් රුපියල් මිලියන 2161ක මුදලක් මේ …

Continue Reading

පහේ ශිෂ්‍යත්වය හපනියක් වූ දුලාංජලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට ජනපති අතින් ත්‍යාග

ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූවාය. හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව …

Continue Reading

නොබෙදුණු, ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් රකින නව ව්‍යවස්ථාවක්

නොබෙදුණු, ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ, ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි. පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන …

Continue Reading

බුදු දහම සම්බන්ධයෙන් කිසිම වගන්තියක් වෙනස් කරන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

රටේ ඒකීයභාවයට හානි වන කිසිදු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමා ඉඩ නොතබන අතර, දැනට පවතින ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන්වන කිසිදු වගන්තියක් ඉවත් කිරීමට හෝ බාල කිරීමට ඉඩ නොතබන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේ ගිරාඹේ මංගල නායක ස්වාමින්වහන්සේ වෙත උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් පසුගියදා …

Continue Reading

පැරදුණු මහින්දට තවත් පරාජයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සභාපති ධුරයෙන් ඉවත් කර ඔහුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපතිවරයා ලෙස යළි පත්කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුව නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (29 දා) නියෝග කළේය. පැමිණිලිකරුවන්ට එම නඩුව …

Continue Reading

සියලු ඇමතිවරුවන්ට ජනපතිගෙන් නියෝගයක්!

ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ජාතික ආර්ථික සභාව දෙවන වරටත් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ …

Continue Reading

ජනපති නියෝගයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක්! සතොසින් අඩු මිලට බඩු

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් රජය මඟින් ආනයනය කිරීමටත් පොල් වගාකිරීමේ මණ්ඩලය හරහා සෘජුවම ජනතාව වෙත අඩුමිලට පොල් අලෙවිකිරීමටත් රජය ඊයේ (27) තීරණය කෙළේය. එසේම සහල්, ලොකු ලූනු, අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට සතොස හරහා අද සිට පාරිභෝගිකයින් වෙත ලබාදීමටත් ජනාධිපතිතුමා ඊයේ උපදෙස් දුන්නේය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ …

Continue Reading

Exclusive: 2017 නොබෙල් සාම ත්‍යාග සඳහා ශ්‍රී ලංකා ජනපතිගේ නමත් නිර්දේශ වෙයි

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව ඔස්ලෝ හි ‘සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. මෙම ආයතනය රාජ්‍යයන්, කණ්ඩායම් සහ ජනතාව අතර සාමකාමී සබඳතා සඳහා කොන්දේසි පිළිබඳව පර්යේෂණ සිදු කරයි. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ මෙවර නිල …

Continue Reading