පැරදුණු මහින්දට තවත් පරාජයක්

Spread the love

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සභාපති ධුරයෙන් ඉවත් කර ඔහුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපතිවරයා ලෙස යළි පත්කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුව නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (29 දා) නියෝග කළේය.

පැමිණිලිකරුවන්ට එම නඩුව පවරා පවත්වාගෙන යැමට නීතිමය අයිතියක්‌ නොමැති බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගත් විනිසුරුවරයා එම නියෝගය කළේය.

බොරලැස්‌ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත හා හිටපු නාගරික මන්ත්‍රී අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් විසින් ගොනුකර තිබූ එම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ වර්තමාන මහලේකම් දුමින්ද දිසානායක හා මැතිවරණ කොමසාරිස්‌වරයා නම් කර තිබුණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපති ධුරයට පත්කරමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් නිකුත් කරන ලද ලිපිය බලරහිත කරනා නියෝගයක්‌ නිකුත් කරනා ලෙස ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් ඉවත් වී විපක්‍ෂයේ පොදු අපේක්‌ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌වීමෙන් පසුව ඔහුගේ පක්‌ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තමන් දෙදෙනා ඇතුළු සමස්‌ත ලංකා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ කාරක සභාව ඒකමතිකව තීරණය කළ බවත් එලෙස පක්‌ෂ සාමාජිකත්වය අහෝසි කළ අයකු තම පක්‌ෂයේ සභාපති ධුරයට පත්කිරීම නීත්‍යානුකූල නොවනා බවත් පෙත්සම්කරුවන් අධිකරණයට සඳහන් කර තිබුණි.

පෙත්සම්කරුවන් එකී නඩුව මගින් ඉල්ලා ඇත්තේ රටේ විධායක ජනාධිපති ධුරය දරන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක්‌ බවත් රටේ විධායක ජනාධිපතිවරයාට ඇති මුක්‌තිය අනුව පෙත්සම්කරුවන්ට යම් අධිකරණයක්‌ හමුවේ නඩු පැවරීමේ නීතිමය අයිතියක්‌ නොමැති බවත් අනුර ප්‍රියදර්ශන යාපා හා දුමින්ද දිසානායක යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේa මූලික විරෝධතාවයක්‌ ගොනු කරමින් අධිකරණයට දන්වා තිබුණි.

එමෙන්ම පෙත්සම්කරුවන්ට එවැනි නඩුකරයක්‌ පවරා පවත්වාගෙන යැමේ නීතිමය අයිතියක්‌ නොමැති බවට ද විත්තියේ නීතිඥවරුන් සිය මූලික විරෝධතාවය මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි. එක දෙක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ එකී මූලික විරෝධතා මෙන්ම තුන්වැනි විත්තිකරු ලෙස නම් කොට ඇති මැතිවරණ කොමසාරිස්‌වරයාට ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේදී කරුණු දැක්‌වීමට ඇති ඉඩකඩ පිළිබඳව විත්තිය දැක්‌වූ කරුණු ද තම අධිකරණය පිළිගන්නේ යෑයි විනිසුරුවරයා එකී මූලික විරෝධතා සම්බන්ධයෙන් නිකුත් කළ තීන්දුව මඟින් පෙන්වා දී තිබුණි.

RSL

Related Posts