මොරගහකන්ද විදුලි බල උත්පාදනයට සුදානම්
රජරට ජනතාවගේ සිහිනයක් මල් පල ගන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා දායක කර ගනිමින් එහි පරීක්‍ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම පසුගිය 02 දා දහවල් සුබ මොහොතින් ජනපති අතින් සිදුවිය. පවතින අධික වැසි තත්ත්වයත් සමඟ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්‌ටමේ සිට මීටර් 178 ක ප්‍රමාණය …
Continue Reading
මහින්ද යළි කොන්ඩමයක් වේයැ’යි බියෙන් පසු බසී!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපක්‍රමශීලි දේශපාලනය තුළින් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේදී තමාට අත්කර දුන් ඉරණම යළිත් එලෙසම ලබාදේවියැ’යි බියෙන් ඔහු දේශපාලනික යළිත් පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එය ප.ප.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයකින් වඩාත් තහවුරු වේ. ආප්ප න්‍යාය …
Continue Reading
අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසමකට ගෙන ආවේ යහපාලනය නිසයි – සන්ධාන මහලේකම්
යහපාලන ආණ්‌ඩුවක් තිබෙන නිසා අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසම හමුවට ගෙනයැමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අගමැතිවරයකු මෙවැනි කොමිසමකට ගොස් කරුණු ඉදිරිපත් කළේ ප්‍රථම වතාවට බවත් එය රටට හොඳ ආදර්ශයක් බව ද අමරවීර මහතා පැවසීය. ලෝක ධීවර දිනය 21 දාට යෙදීම නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය හා ධීවර දෙපාර්තමේන්තුව එක්‌ව මීගමුව පළඟතුරේ හා කුට්‌ටිදූව …
Continue Reading
කොළේ ඉරාගෙන,ඇගේ හලාගෙන,අඬාගෙන එන්න එපා!- මෙය කා හට කියන ලද්දක් ද..? (වීඩියෝ)
කොළේ ඉරාගෙන ඇගේ හලාගෙන අඬාගෙන එන්න එපා! මෙය කවුරුන් ඉලක්ක කොට කියන ලද්දක් ද..? (වීඩියෝ) වඩාත් නිවැරදි පිළිතුර කමෙන්ට් කරන්න.. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ……….. (01.මහින්ද රාජපක්ෂ / 02. සුජීව සේනසිංහ / 03. එක්සත් ජාතික පක්ෂය / 04. ෆයිසර් මුස්තාෆා / 05. ගෝඨාභය රාජපක්ෂ ) ඉලක්ක කොට කියන ලද්දකි.
Continue Reading
දූෂණයට එරෙහිව සටන් වදින බව ජනපති කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත් වු බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(24) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පැවසීය. පැවති දූෂිත පාලනය වෙනස් කර …
Continue Reading
පැවැති ආණ්ඩුවෙන් එළියට ආවේ දූෂිත දේශපාලනය තුරන් කරන්නයි – ජනපති කියයි
මීට වසර තුනකට පෙර තමන් පැවැති රජයෙන් ඉවත්ව එළියට පැමිණියේ රට ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සපුරා ගැනීමට බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. අද කුමන පාර්ශ්වයන්ගෙන් තමන්ට ඇඟිල්ල දිඟු වුවද ගෙවී ගිය වසර තුන තුළ රට පුරා යහපාලන සංකල්පය ක්‍රියාත්මක කර රට වෙනසකට ගෙන යාමට තමන්ට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා පැවසීය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100ක සූර්යබල ශක්තියක් එක් …
Continue Reading
එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය. මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය …
Continue Reading
දුර්වලතා අවම කරමින් ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනඟනවා – ජනපති කියයි
රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා අවම කරමින් බිඳවැටුණු රාජ්‍ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දශක ගණනාවකට පෙර වඩා ඵලදායී ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරටේ පැවති බවත් පසුකාලීනව දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය සේවය කඩා වැටුණු බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ …
Continue Reading
කිසිදු රණවිරුවෙක් විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නෑ – ජනපති කියයි
කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බල ඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් හා රෙජිමේන්තු සැරයන්, මේජර්වරුන් ඇතුළු 350 කට අධික පිරිසක් අමතමින් කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී එසේ පැවසීය. ජනාධිපතිවරයා සිය දේශනයේ දී රැස්ව සිටි සිය ගණනක් වූ හමුදා සාමාජිකයන් …
Continue Reading
දොස් දැනගන්න එජාප මන්ත්‍රීවරු ජනපති හමුවට
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොaෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස් කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක් හා වෙලාවක් ඉල්ලා මේ සතියේදීම ලිපියක් යොමු කරන බවත් එක්‌සත් …
Continue Reading