ජනපතිගේ ජන්ම දිනය අදයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 67 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 06 වැනි ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා උපත ලබා ඇත්තේ 1951 සැප්තැම්බර් මස 03 වැනිදාය.දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදීමට දිනකට කලින් එනම් 1951 සැප්තැම්බර් මස 02 වැනිදා වීමද විශේෂත්වයකි. 1989දී පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු …

Continue Reading

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන ගැන ජනපති බිමිස්ටෙක් සමුළුවේදී අවධාරණය කරයි

ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි. අද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට විසදුම් සෙවීමට සියලුදෙනා එක්ව්ය යුතු බව ද සඳහන් කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු බහුආංශික තාක්ෂණික හා ආර්ථික …

Continue Reading

සංවර්ධනයේ ප්‍රතිලාභ දකුණට මෙන්ම උතුරටත් සමානව ලබාදෙනවා – ජනපති

රටේ සංවර්ධනයේ දී කිසිදු භේදයක් නොමැති අතර, උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ද සංවර්ධනයේ ප‍්‍රතිලාභ උදා කර දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සඳහා පළාතේ සියලු මහජන නියෝජිතයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දෙවන වරටත් ඊයේ(27) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ …

Continue Reading

ජනපති උදැල්ල අතට ගනී..

ගොවි ජන ජීවිත සමග ගැටගැසුණු දුක්ඛිත කතාවන් අවසන් කරමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පුළුල් වැඩකොටසක් අද ඉටු වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ(24) පොල්පිතිගමදී එක්වෙමිනි. මේ අතර එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් …

Continue Reading

ජනපති සමඟ සාකච්ඡාවට ගිය දුම්රිය වෘත්තීය සමිති බාල්දු වෙයි!

පසුගියදා ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක එකඟතාව මත තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළහ. ඔවුන් එම සාකච්ඡාව සිදුකිරීම සඳහා ගමේ ගොස් සිටි ජනාධිපතිවරයා හමුවීමට පොලොන්නරුවටද ගියහ. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඊයේ (23) පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විධායක කමිටුව සඳහන් කරයි. ජනාධිපතිවරයා එහිදී සඳහන් කර …

Continue Reading

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කල්ලියට තවමත් ඇමති සැප ජනපති මෛත්‍රී නිසාද..?

ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් මෑතකදී ඉවත් ව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලියේ මන්ත්‍රීවරුන් සඳහා මේ වන විටත් ඇමැති ආරක්‍ෂාව ලබා දී තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇත. සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා …

Continue Reading

රෝසිගේ නිල කාමරයේ තිබූ ඓතිහාසික බුදු රුව අතුරුදන්! බේරෙන්න ජනපතිටත් බොරු කියයි!

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර …

Continue Reading

ජනපති නියෝගයෙන් රුසියන් සැප සොයා යන්න ගිය මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් නවතී

ඌව පළාත් සභාව දැඩි මූල්‍ය අර්බුදයක පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළ අතර එම සංචාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඊයේ (19) පැවසීය. රුසියාවේ සංචාරයක නිරතවීමට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාම සැලසුම් කළද ඌව පළාත් සභාව මේ වන විට මුහුණපා ඇති දැඩි …

Continue Reading

ජනපති මෛත්‍රී ඇනගත් තැනක් ඇමති රාජිත කියයි

‘ග්ලයිෆොසේට්’ පිළිකා සහ වකුගඩු රෝග සඳහා හේතුකාරක වන බව ඇමෙරිකානු අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ලක් රජය ‘ග්ලයිෆොසේට්’ තහනම ඉවත් කර මාසයක් ගතවන අවස්ථාවේ බවත් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගනු ලැබූ වැරැදි තීන්දුවක්’ බවත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති ‍වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි. රජය ගත් එම තීන්දුව වෙනස් කළ යුතුයි. ඇමෙරිකාවේ අධිකරණ තීන්දුවට අනුව ලෝකයේ සෑම …

Continue Reading

මෛත්‍රී, හේමා ප්‍රේමදාසටත් සළකයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී තිබේ. ජනාධිපතිවරයාගේ නිවාසවල අලුත්වැඩියා සහ ඉදිකිරීම් කටයුතු භාරව සිටින නාවික හමුදා අනුඛණ්ඩය මෙම නිවසේ ද ඉදිකිරීම් භාරව සිටී. ඒ අනුව …

Continue Reading