ජනපති සමඟ සාකච්ඡාවට ගිය දුම්රිය වෘත්තීය සමිති බාල්දු වෙයි!

Spread the love

පසුගියදා ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක එකඟතාව මත තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළහ. ඔවුන් එම සාකච්ඡාව සිදුකිරීම සඳහා ගමේ ගොස් සිටි ජනාධිපතිවරයා හමුවීමට පොලොන්නරුවටද ගියහ.

කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඊයේ (23) පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විධායක කමිටුව සඳහන් කරයි. ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ඇමැති අනුකමිටුවක් පත්කර ඇති බැවින් මාස දෙකක පමණ කාලයක් ගතවනතුරු මේ පිළිබඳව තීරණයක් ලබාදිය නොහැකි බවය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් රටේ විධායක ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ දුම් රිය වෘත්තීය සමිති මහත් අපහසුතාවයකට පත්ව ඇති ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් විධායක කමිටු නියෝජිතයකු සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් එම වැටුප් වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා නොදීම නිසා තමන් පූර්ව දැනුම්දීමක් කොට දුම්රිය වර්ජනයක් ලබන සතියේ සිට ආරම්භ කරන බවයි. වැඩ වර්ජනය ආරම්භ කරන දිනය පිළිබඳව විධායක කමිටුව රැස් වී තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

RSL

Related Posts