ගඟට ඉනි කැපූ මංගලගේ මඩ නිවේදන බලකායේ අසාර්ථකත්වයට රනිල්ට මල පනී

පැවති රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මුදල් කෝටි ගණන් වැය කරමින් එජාප සන්නිවේදන අංශ ප්‍රධානියා ලෙස මංගල සමරවීර විසින් නිර්මාණය කළ දීප ව්‍යාප්ත ජාලගත සංවිධානයක් බව කියූ එජාප “සන්නිවේදන බලකාය” නොහොත් එජාප මඩ නිවේදනය බලකාය මුලුමනින්ම සෝදා පාළුවට ලක්ව අක්‍රීය වී ඇතැයි වාර්තාවේ. මංගල විසින් කොළඹ සිට් පැල කරන පුවත් රටේ වටේ සිටින එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සන්නිවේදන බලකායේ සමාජිකයින් …

Continue Reading

ඇමතිකමට මුවා වී ආණ්ඩුව වැනසූ මංගල, ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ මඩ ප්‍රහාරවල තරම හෙළිවෙයි! (වීඩියෝ)

පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද හෙළි කළෙමු. වසර ගණනාවක් පුරා රටේ පාලන බලය ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහය ඇතිව සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව ජනාධිපති …

Continue Reading

මංගලගේ නොහැකියාව නිසා රුපියලත් ඉවරයි; රටේ ආර්ථිකයත් ඉවරයි

මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, දැන් මේ අර්බුදය ඇතිවුණු …

Continue Reading

ජනතාව ඉදිරියේ තම නූගත් කම පෙන්වූ මංගල (Video)

සියයට 97ක සාක්ෂරතාවය ඇති රටක මිනිසුන් ඔහු වැනිම මොංගල් අයෙකු යැයි සිතන වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර විසින් තමාට වත් තේරුම්ගැනීමවත් නොහැකියි යැ’යි කියා සතියකට පසු හරි සරලයි කියමින් මාධ්‍යවේදීන් සහ රටේ සමස්ත ජනතාව නක්කලේ දමමින් එළිදැක්වූ මංගල විසින් ‘මිල සූත්‍රයක්’ යැයි කියා ගන්නා අකුරු එකතු කිරීමට මේ වන රටේ විද්වතුන්, මහජනතාව සහ දේශපාලඥයින් ඇතුළු පිරිස් සිය …

Continue Reading

මංගල සහ කිරිඇල්ල ජනපතිට කෝචොක් කරයි! ජනපතිගේ නියෝග පුස්සක් බව පෙන්වයි

ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ වනවිටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන ඇමතිවරුන් අද(19) මාධ්‍යට ප්‍රකාශ කළේය. මේ වන විට ඉතා සුක්ෂම සහ නින්දිත අයුරින් ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයවලුන්ට කුප්‍රකට පින්සිරි මංගල විසින් මඩ ප්‍රහාර …

Continue Reading

රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!

මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …

Continue Reading

මංගලගේ මොංගල් වැඩ නිසා ආණ්ඩුවට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන සටනට බසී.. (Video)

මෑත ඉතිහාසයේ පත් වූ දූෂිත මෙන්ම ප්‍රෝඩාකාරී අකාර්යක්ෂම මුදල් අමාත්‍යවරයා ලෙස නම් දරා සිටින පින්සිරි මංගල සමරවීරට එරෙහිව ජනතාව සහ සිවිල් සංවිධාන පෙළගැසෙමින් සිටිති. මංගල සමරවිර විසින් සඟවාගෙන මාස්පතා තෙල් මිල ඉහළදමන ඔහුවත් නොදත් ඔහුගේ මිල සූත්‍රයට එරෙහිව මේ වන දසදෙසින් විරෝධතා නැඟෙන අතර බොහෝ ඒවා මංගල තම “මුදල් සහ ජනමාධ්‍ය” යන අමාත්‍යංශ දෙකෙහි බලය යොදවා සූක්ෂම මර්දනයකට ලක්කරන බවට …

Continue Reading

මංගලවත් නොදත් මංගලගේ මාසික සූත්‍රය (සුද්දිය) ක්‍රියාත්මක වෙයි; ඉන්ධන මිල යළි ඉහළට

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා ‘තෙල් මිල සූත්‍රය’නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් “මංගලගේ මාස් සුද්දිය” ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් …

Continue Reading

මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයාට හිමි ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් සිටින වත්මන් රජයේ මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර යටතේ අද (04) දින රුපියල තවත් බාල්දු වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය. පසුගියදා මංගල සමරවීර විසින් රුපියල බාල්දු වීම පාලනය සඳහා යැයි කියමින් …

Continue Reading

ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්‍රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යවන අතර එය ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්කරලීම මංගලගේ මෙම උපක්‍රමයයි. ජාත්‍යන්තර වෙළෙඳ පොල දඬමීමා කරගනිමින් සිදුකරන මෙම උපක්‍රමය තුළින් මාස්පතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ …

Continue Reading