මංගලගේ නොහැකියාව නිසා රුපියලත් ඉවරයි; රටේ ආර්ථිකයත් ඉවරයි

Spread the love

මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන,

දැන් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීත් චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් කෝටි සීයක ණය මුදලක් අරගෙන තියෙනවා. දැන් ජපානයෙනුත් මිලියන 100ක් ණය ගන්න යනවා. මේ නරක තත්ත්වය තුළ ඉතාම විශාල වශයෙන් විදේශ විනිමය කළු කඩේ සක්‍රිය වෙලා තියෙනවා. දැන් මේ යන විදියට 2019 වර්ෂය වනවිට මේ ලෝක වෙළෙඳපළේ ඇතිවන මිල ගණන්වල වෙනස් වීම් සහ ණය සේවාකරණයේ වෙනස්වීම් සැලකිල්ලට ගෙන මේ තත්ත්වයට පිළියම් යෙදුවේ නැත්තම් සියලු දෙනාම දන්නවා 2019 වසරේදී ඩොලරය දෙසීයට ගිහින් තමයි නතර වෙන්නේ.

විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ කරන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. ඒ බැංකු දෙකේම පසුගිය කාල පරිච්ඡේදවල ඇතිවුණු වංචා, දූෂණ, ආකාර්යක්ෂම කළමනාකරණය නිසා ජනාධිපතිතුමාට නියෝගයක් කරන්න සිද්ධ වුණා දැන් අධ්‍යක්ෂ මණ්ඩල වෙනස් කරලා අලුත් අයව පත් කරන්න. අද වෙනකොට හොරකම, වංචාව වැඩිවෙලා ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක හෙල්ලිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී මේ විදියට බැංකු හෙලවුණේ නැහැ.
තව එක වෙසක් පෝයකින් මේ ආණ්ඩුව භාර ගන්නා ඉන්න පිරිස විදියට අපි මේ ගැන බරපතළ තිගැස්මකට ලක්වෙලයි ඉන්නේ. ඩොලරය දෙසීය දක්වා ගමන් කිරීම වැළැක්වීමේ දැඩි අවශ්‍යතාවක් අපිට තියෙනවා. අපිත් මේ රට කරන්න ඕනි. මේ විදියට ගියහම මේ රටේ කිසිම කෙනකුට ආණ්ඩු කරන්න බැරි තත්ත්වයක් උදාවෙනවා.

ඒ වගේම මේ බැංකු ආයතන පිරිසුදු කරන්න මැදිහත් වෙන්න කියලා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන විසින් අගමැතිවරයා දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

RSL

Related Posts