රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!

Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් බාල්දු වන රුපියලේ බාල්දුව අවම කරගැනීම සඳහාත් ඔහුට ඊට නිසි විසඳුමක් නොමැති බව දැන් පැහැදිලිය. ඒ වෙනුවට මංගල දවසක් දෙකක් හෝ තම ජාමේ බේරාගැනීමේ ඇටවුම් සකස් කරමින් සිටී. පසුගිය දිනෙක රුපියල, අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ 172 කට ආසන්නව බාල්දු වූ අතර දිනකට බාල්දු වීමේ ප්‍රතිශයද ඉහළ ගියේය.

එහෙත් මෙලෙස කාටත් හොරා හීන්සැරේ මුදල් ඇමති මංගල මෙම ඩොලර් බිලියනය ලබාගත්තේ කිනම් පොලී අනුපාතයකට දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

සාමාන්‍යයෙන් විදේශ බැංකුවලින් ණය ලබාගැනීම සිදුකරනු ලබන්නේ මහාභාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට වඩා මදක් අඩුවෙන් බව සඳහන්. මහාභාණ්ඩාගාර බැඳුම්කර සඳහා කාල පරාසය අනුව ගෙවනු ලබන පොලිය 7.25% 11.90% අතර අගයක් ගනී. එසේම නම් මංගල විසින් රුපියලේ බාල්දුව වැළැක්වීම සඳහා මෙලෙස ලබාදෙන ඇති ඩොලර් බිලියනයක ණය ඇබය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ඊට ආසන්න වනු ඇත.

අමෙරිකාවේ බැංකු විසින් ඩොලර් සඳහා ඉහළ පොලියක් ලබාදීමත් සමඟ ලොව අනෙක් අරවලට ඩොලර් සඳහා ඉහළ පොලියක් මෙන්ම, ඩොලර්වලින් ලබාගන්නා ණය සඳහාද ඉහළ පොලියක් අයකරන බවට වාර්තාවේ.

අමෙරිකාවේ බැංකු විසින් ඩොලර් සඳහා ඉහළ පොලියක් ලබාදීමත් සමඟ ලොව අනෙක් අරවලට ඩොලර් සඳහා ඉහළ පොලියක් මෙන්ම, ඩොලර්වලින් ලබාගන්නා ණය සඳහාද ඉහළ පොලියක් අයකරන බවට වාර්තාවේ.

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක මුදලක් ඉදිරි සතිය තුළ ලැබීමට නියමිත බව පසුගිය ඔක්තෝබර් 02 දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අනාවරණය කර සිටියේය.

ආශ්‍රිත පුවත්: බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා

මසක් තුල මහ බැංකුවේ සංචිත ඩොලර් මිලියන 1404 කින් පහළට

බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා

මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ

බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!

RSL

Related Posts