විමල්ගේ විරෝධය පයිසකට මායිම් නොකර මහින්ද ජවිපෙ සමඟ සාකච්ඡාවට

ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විරෝධය නොතකා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(06) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප.ව. 4.00ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ. ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading

වාසි වුවත් නැතත්, පැරැණි හෝ අලූත් ක‍්‍රමයට මැතිවරණය අත්‍යාවශ්‍යයි

විපක්‍ෂයට වාසි වුවත් නැතත් අලූත් ඡන්ද ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ඡුන්දය පවත්වනවාට තමා එකඟ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. විපක්‍ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයන් සිය නිල නිවසේදී පසුගියදා (26) හමු වූ අවස්ථාවේදී ය. වැදගත් වන්නේ ඡන්ද ක‍්‍රමය නොව ඡන්දය පැවැත්වීම බව ද මෙහිදී විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය. යහපාලනයක මූලික …

Continue Reading

මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ජාතික ප්‍රශ්නය, දේශපාලන ස්ථාවරත්වය, ඉදිරි මැතිවරණ ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

Continue Reading

මෛත්‍රී-මහින්ද ප්‍රධානත්වයෙන් සන්ධාන මන්ත්‍රීන්ට වැඩමුළුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දිනයන්හිදී නුවර අර්ල් රිජන්සි හෝටලයේදී වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. සන්ධානයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් තවදුරටත් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සූදානම් කර ඇති බවයි. මෙම වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගි වන ලෙස එක්සත් ජනතා …

Continue Reading

පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනපති, අගමැති, විපක්ෂනායක එකඟතාවයකට!

මීට පෙර මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි ජනාධිපති, අගමැති සහ විපක්‍ෂ නායක යන තිදෙනාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකඟතාව පළකර ඇත. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සහ වැඩි බලතල සහිත …

Continue Reading

පුළුල් ජාතික සන්ධානයකින් තොරව ජයග්‍රහණය ලැබිය නොහැකියි – ජනපති සියල්ලන් ඉදිරියේ අවධාරනය කරයි

මෙම වසර ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් ගොඩනගන වසරක් බවත්, පුළුල් ජාතික සන්ධානයකින් තොරව මෙම ජයග්‍රහණය ලැබිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අවධාරනය කර සිටියේය. එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන අතර රටට හිතකර සහ රටට අවශ්‍ය නව ආණ්ඩුවක් මාතෘ …

Continue Reading

ව්‍යවස්ථාදායක සභාව අත්තනෝමතික දේශපාලන අධිකාරියක්

ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා 09 ක් ස්ථාපිත කර ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙම ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේය. ඒ අනුව අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, …

Continue Reading

රට රකින්න නම් මෛත්‍රී-මහින්ද සන්ධානය කඩිනමින් ගොඩනැගිය යුතුයි (වීඩියෝ)

දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ – දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා …

Continue Reading

නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු …

Continue Reading

මහින්ද වැඩ අරඹයි

වසර හතරකට ආසන්න කාලයක්‌ එක්‌ ප්‍රදේශයකට පමණක්‌ සීමා වී තිබුණු විපක්‍ෂ නායක කාර්යාලය මුළු රටේම ජනතාව සඳහා විවෘත කිරීමට හැකිවූ බවත් රටේ සියලුම බලවේග එකතු කරගෙන වත්මන් ආණ්‌ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සඳහන් කළේය. කොළඹ 07, ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18 දා) සිය රාජකාරි ආරම්භ කිරීමෙන් …

Continue Reading