පොලිසිය විහාරමහාදේවි උද්‍යානයේදී සිසුන් සමඟ සටන් වදී; සිසුන් 15ක් රෝහලේ(Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිදාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන විසිරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. පොලිස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් 15දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තවත් සිසුන් 10දෙනෙකු පොලීසිය විසින් ඉති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. සිසු පාගමන නැවැත්වීම …
Continue Reading
වෛද්‍ය සභාවේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද කැඳවයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයෙන් උපාධි මිලදී ගත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පසුගිය 13වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අභියාචනාධිකරණය අද(09) කැඳවීමට නියමිත ය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වනදා …
Continue Reading
ආණ්ඩුවේ ඇමතිවරුන්ට අවශ්‍ය සයිටම් වෙනුවෙන් මිනිස් බිල්ලක්
පසුගිය 05 වන දා පැවති සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වු නමුත් රජයේ ඇමතිවරු එය අසාර්ථක බව පවසන්නේ මිනිස් ජීවිත රාශියක් බිල්ලට දී එය සිදු නොවීම නිසා ද යන්න මෙහිදී වෛද්‍ය සංගම් නිලධාරින් විසින් ප්‍රශ්න කර සිටි අතර ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමට ගෙන යන රජයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම සංගමය …
Continue Reading
සයිටම් විරෝධී වර්ජනයෙන් දුම්රිය ධාවනය ඇණහිටී; ල.දු.සේ. ක්‍රොන්තාත්කරුවන් කැඳවයි
ක්‍රොන්තාත් පදනම මත සිටින සියලූම දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද දින සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එලෙස සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවයි දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ සදහන් කරයි.
Continue Reading
වෛද්‍යවරු වැඩ වැරීම ගැන ජනපති කණගාටුවෙයි
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. දේශපාලන අතකොළු බවට …
Continue Reading
වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය (Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ. මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු …
Continue Reading
සයිටම් විරෝධී ගුරු -වෛද්‍ය – දුම්රිය නියාමක වර්ජනය අද; හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු තවත් වෘත්තීය සමිති 150 ක සහාය
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා …
Continue Reading
රටපුරා සයිටම් විරෝධී රැළි..!! වර්ජන රැල්ලක් අත ලඟ..
මාළඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව මේ වන විට රට පුරා විරෝධතා රැළි දියත් වෙමින් තිබේ. සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නායකත්වයෙන් ඊයේ (01) රත්නපුර නගරයේදී විරෝධතා පා ගමනක් හා රැලියක් පැවැත්විණ. සබරගමුව පළාතේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව මෙම විරෝධතා පා ගමන හා රැලිය රත්නපුර නගරයේදී පැවැත්වූ අතර ඊට මහා …
Continue Reading
‘සයිටම්’ එරෙහි ජාතික විරෝධතා දිනයක්
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා පවසයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා සයිටම් විරෝධී සියලු බලවේග සම්බන්ධ කරගනිමින් මේ විරෝධය සිදුකරන බව කියන ලාල්කාන්ත මහතා ජාතික විරෝධතා දිනය කවදාද යන්න කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව කියයි. සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය සභාව නිර්දේශ කරන ක්‍රමවේදයකදී …
Continue Reading