‘සයිටම්’ එරෙහි ජාතික විරෝධතා දිනයක්

Spread the love

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා පවසයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා සයිටම් විරෝධී සියලු බලවේග සම්බන්ධ කරගනිමින් මේ විරෝධය සිදුකරන බව කියන ලාල්කාන්ත මහතා ජාතික විරෝධතා දිනය කවදාද යන්න කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව කියයි.

සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය සභාව නිර්දේශ කරන ක්‍රමවේදයකදී සාධාරණයක් ඉටු විය යුතු බවද ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (15දා) ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය එක්ව කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

-මව්බිම-

RSL

Related Posts