සයිටම් නෙවිල්, මහින්දව පතුරු යවයි! පාඩමකුත් කියා දෙයි

Spread the love

මේ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ යුත්තේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

ඔහු මෙසේ පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු බලධාරීන් හමුමීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා වැයවූ ණය මෙන්ම ආයතනයේ ආචාර්ය,මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන් ඇතුළු සියලුමදෙනාට වැටුප් ගෙවීමට යන මුදල් ගෙවීමට හැකිනම් ආයතනයේ අයිතිය සම්පූර්ණයෙන්ම පවරා ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටි බවත්, එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කළ බවත්, අඛණ්ඩව සිසුන් බඳවා ගන්නා ලෙස දැනුම්දුන් බවත් නෙවිල් ප්‍රනාන්දු පවසයි.

හිටපු ජනාධිපතිවරයා සයිටම් ආයතනය පවත්වාගෙනයාම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත්, එය වසාදැමීමේ අවශ්‍යතාව ඇත්තේ එතුමා අසළ සිටින ගොඩ පෙරකදෝරුවාටයි, ත්‍රී වීල් පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ මනුස්සයටයි බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා විසින් සයිටම් ආයතනයේ කිහිපදෙනෙකුට ශිෂ්‍යත්ව දුන්නු බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙන ගිය නමුත්, එම ශිෂ්‍යත්ව ලබාදුන්නේ තමන් විනා හිටපු ජනාධිපතිවරයා නොවන බවද නෙවිල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

ඒ සාමාර්ථ හා බී සාමාර්ථ ලබා ගත් නමුත් විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට අවස්ථාව නොලැබුණු කිහිපදෙනෙකුට අවස්ථාවක් දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් අනුව උපකුලපති මල්කාන්ති චන්ද්‍රරත්න මිය සමග කතා බහ කොට තමන් විසින් එම කිහිපදෙනාට ශිෂ්‍යත්ව දුන් බවත්, ඒවා ප්‍රදානය කිරීම පමණක් හිටපු ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

RSL

Related Posts