ඔබ කාන්තාවක් ද? එසේ නම් ප්‍රවීන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට ගෝඨාභය කාන්තාවගේ ගෞරවය සුරකින සමාජයක් බිහිකරන හැටි කියා දුන් ඒ සංවාදය අනිවාර්යෙන්ම කියවන්න.. (සංස්කරණයෙන් තොරයි)
අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති බවත්, මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත්, කාන්තාවගේ ගෞරවය සුරකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. මේ මීලඟ ජනාධිපති වීමට මාන …
Continue Reading
“එනවා..එනවා.. මම කොහොමහරි එනවාමයි” ගෝඨාභය අල්ලන, අල්ලන හැම මයික්‍රෆෝනයකටම කියයි
තමන් කෙසේ හෝ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් ප‍්‍රකාශ කර තිබේ. අල්ජසීරා රුපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡුාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ සැලසුම් සහගත මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගලා ගිය මිනිස් ලේ වියැලී ගන්නටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා තම ආගමනය නිල වශයෙන් රොයිටර් පුවත් …
Continue Reading
Exclusive: ගෝඨාගේ බළලා රොයිටර් සේවයෙන් එළියට පනී
පසුගිය පාස්කු දා සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස ජනාධිපති සිහිනයෙන් හිස උදුමුවා ගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බව දැන් මේ වන විට ප්‍රසිද්ධ රහසක්ව ඇත. එම රහස වඩාත් සනාත කොට ඉස්මතු කිරීම ඔහු විසින්ම දැන හෝ නොදැන මේ වන විට සිදුකොට අවසන්ය. ඒ මෙම සිදුවීමෙන් අනතුරුව රොයිටර් පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව …
Continue Reading
නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයටත්, හෑල්ලුවටත් ලක්කරමින් ගෝඨා ගිය අඩිපාරේම මාකඳුරේ මඳුෂ් යයි
නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ සහනය ලැබූ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ යමින් කුප්‍රකට අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ද අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා …
Continue Reading
ජනාධිපති අපේක්ෂකත්වය දිනාගන්න ගෝඨාගෙන් අමුතු ආකාරයේ වැඩ කිහිපයක්!
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගොඩනැඟෙන ශ්‍රීලනිප-ශ්‍රීලපොපෙ සන්ධානයේ පොදු අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා අලුත්ම ආකාරයේ වැඩ කිහිපයක් පටන්ගෙන ඇති අතර ඉන් පළමු වැන්න පසුගියදා සිදුකර ඇතිබව පෙනෙන්ට තිබිණ. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබා දෙන්නැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලමින් ජාතික පුවත්පතක දැන්වීමක් පල කර ඇත. සිකුරාදා ලංකාදීප පුවත්පතේ මෙම දැන්වීම …
Continue Reading
නඩුවට ආපු ගෝඨාට ගොට්ට අල්ලන්න ගිය සාක්ෂිකරුට අධිකරණයෙන් දැඩි අවවාද
වෘත්තීය ගරුත්වය රැකගෙන අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ 67 වැනි සාක්‍ෂිකරු වන පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස්. අසේල ඉද්දවෙලට ඊයේ (25) අවවාද කළේය. එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට මිස විත්තිකරුවන්ට අධිකරණය තුළදී …
Continue Reading
ගෝඨාභය සූදානම්ලු! ඔබ සූදානම් ද..?
ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් ඊයේ(13) ප‍්‍රකාශ කළේය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. බොහෝ දෙනෙක් අපේ රට මීට වඩා යහපත් මාර්ගයකට යා යුතුයි කියන මතයේ සිටිනවා. සමාජයේ බහුතරයේ මතය එයයි. වෘත්තිකයන් හදුනා ගැනීමේ සංකල්පයක් රජයට නැහැ. ජාතිකත්වය වැරදි අර්ථකතනයක් …
Continue Reading
විශේෂ මහාධිකරණයට ගෙනාවත් ගෝඨාගේ නඩු කල්යයි!
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට …
Continue Reading
විශේෂ මහාධිකරණයෙන් ගෝඨා ඇතුළු 07ටම ඇප
වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (10) කැඳවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට …
Continue Reading
කට්ටි පැන්න ගෝඨාගේ නඩුව අද විශේෂ මහාධිකරණය හමුවට
විවිධාකාර උපක්‍රම භාවිතා කරමින් තමාට එරෙහි නඩු උපක්‍රමශිලීව මඟ හරිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩුවලින් එක් නඩුවක් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (10) විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ …
Continue Reading