ජනාධිපති අපේක්ෂකත්වය දිනාගන්න ගෝඨාගෙන් අමුතු ආකාරයේ වැඩ කිහිපයක්!

Spread the love

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගොඩනැඟෙන ශ්‍රීලනිප-ශ්‍රීලපොපෙ සන්ධානයේ පොදු අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා අලුත්ම ආකාරයේ වැඩ කිහිපයක් පටන්ගෙන ඇති අතර ඉන් පළමු වැන්න පසුගියදා සිදුකර ඇතිබව පෙනෙන්ට තිබිණ.

ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබා දෙන්නැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලමින් ජාතික පුවත්පතක දැන්වීමක් පල කර ඇත.

සිකුරාදා ලංකාදීප පුවත්පතේ මෙම දැන්වීම පල කර ඇත්තේ කොළඹ 08 යූ.එච්. අසංක නම් පුද්ගලයෙක් මඟිනි.

මේ ආකාරයේ තවත් වැඩක් ලෙස ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නැයි ඉල්ලා නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ බැසිල් රාජපක්ෂ වෙත පෝස්කාඩ් එවීමේ ව්‍යාපාරයක්, මහින්ද රාජපක්ෂ රැස්වීම් සඳහා පැමිණෙන ස්ථානයක ගසක්, වහලක් හෝ කණුවක් මත නැඟ උපවාසයක් වැනි (අප ව්‍යවහාර භාෂාවෙන් සඳහන් කරනවානම් “දෙකයි පනහේ”) දෑ සැලසුම් කර ඇති බව ගෝඨාභයගේ අභ්‍යන්තර දේශපාලන අංශ තොරතුරු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපතිවරණ සටනට සැලසුම් සකස් කරමින් සූදානම් වූයේ 2016 වසරේ සිට අතර මේ සඳහා ඔහු විවිධ ක්‍රම ඔස්සේ රැස් කළ ධනස්කන්ධයෙන් ප්‍රමාණයක් විවිධ ක්‍රම ඔස්සේ විවිධ “මඟ” වල් තුලින් තම ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා යෙදවූ අතර ඉන් නඩත්තුවන පිරිසක්ද නිර්මාණය කර ගත්තේය. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝම්බර් 26 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි අගමැති ලෙස පත්වීමත් සමඟ ඉන් දැඩි අපහසුතාවයටත්, සියලු සැලසුම් සහ සිහින කඩා වැටුණු පුද්ගලයා සහ පිරිස බවට පත්වූයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුව පුම්බන්න සංවිධාන තම ජීවිකාව කරගත් පිරිසයි. ඔවුන් ඔක්තෝම්බර් 26 වනදා ගොඩනැඟුනු මෛත්‍රී-මහින්ද එකමුතුව බිඳහෙළීම සඳහා සමාජජාල ප්‍රසිද්ධියේ විවේචනය කරනු දක්නට ලැබිණ.

RSL

Related Posts